ලංකාවේ පළමු වතාවට නිවසටම සිම් එකක් ගෙන්වා ගැනීමේ සේවාව Hutch විසින් හඳුන්වා දෙයි

ඔන්ලයින් ඇණවුම් කර  ක්ෂණිකව ගෙන්වා ගැනීමේ පහසුකම්

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන විදුලි සංදේශ සේවා  ජාලය වන HUTCH ශ්‍රී ලංකාවේ මුල් වරට නොමිලේ සිම්පත් නිවසටම ගෙනවිත් දීමේ සේවාවක් අරඹයි. පාරිභෝගිකයින් වෙත  ඉතා හොඳ සේවාවක් ලබාදීමේ අරමුණින් පාරිභෝගිකයින්ගේ පහසුව සඳහා මෙම නව සේවාව දියත් කර තිබේ.

HUTCH Online SIM Order and Delivery නමින් හඳුන්වන මෙම සේවාව යටතේ අන්තර්ජාලය ඔස්සේ ඉතා සරල ක්‍රමවේදයක් මඟින් ලියාපදිංචි වන පාරිභෝගිකයින් වෙත නොමිලේ HUTCH සිම්පත් සපයනු ලබයි.

වත්මන්  සමාජයේ   බොහෝ දෙනා ඉතා කාර්ය බහුල ජීවිතයක් ගත කරන අතර සිය බොහෝ  දෛනික අවශ්‍යතා ලැප්ටොප් හෝ ස්මාර්ට්ෆෝන් භාවිතයෙන් අන්තර්ජාලය ඔස්සේ  ඉටුකරගැනීමට  හුරුවී සිටියි. මෙම තත්වය මැනවින් වටහාගනිමින් HUTCH විසින් මෙම නව සේවාව දියත් කර ඇති අතර එමඟින් නව සිම්පතක් ලබාගැනීම සඳහා HUTCH අලෙවි නියෝජිතයෙකු වෙත යාම  වෙනුවට HUTCH සිම්පත තමන් වෙත ගෙන්වා ගැනීමේ පහසුව සැලසෙයි.

මෙම නව සේවාව හඳුන්වා දීමේදී සැපයෙන විශේෂ වරප්‍රසාදයක් ලෙස මෙලෙස ලබාගන්නා සිම්පත්  පාරිභෝගිකයා අතට කිරීමේදී එම ස්ථානයේදීම ක්‍රියාත්මක සිම්පත් බවට පත් කෙරේ. මේ නිසා මෙම සිම්පත අතට ගත් සැනින් භාවිත කිරීමේ අවස්ථාව පාරිභෝගිකයාට උදාවෙයි.

ආරම්භක පියවරේදී මෙම සේවාව කොළඹ, ගම්පහ,කුරුණෑගල, කළුතර සහ මහනුවර  යන දිස්ත්‍රික්ක වල පමණක් ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී දිවයිනේ සියලු ප්‍රදේශ වෙත මෙම සේවාව ව්‍යාප්ත කිරීමට HUTCH අපේක්ෂා කරයි.

මෙම නව පියවර සම්බන්ධයෙන් අදහස් දැක්වූ HUTCH ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා ප්‍රකාශ කළේ සිය පාරිභෝගිකයා වෙත  පහසුකම් සැලසීමේ ක්‍රියාවලියේ එක් අදියරක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි. ඩිජිටල් ජීවන රටාවකට හුරුව සිටින පාරිභෝගිකයාගේ සැබෑ තත්වය මැනවින් වටහා ගනිමින්  මෙම නව සේවාව දියත් කළ බව හෙතෙම පෙන්වා දුන්නේය. මෙම සේවාව හඳුන්වා දීමේ අවස්ථාව වන විට නව සිම්පත්  ලබාගන්නන් රැසක් මෙම සේවාව පිළිබඳ දැඩි උනන්දුවක් දක්වූ බවද ඒ මහතා සඳහන් කලේය. ඉදිරියේදී මෙම නව  Online SIM Order and Delivery සේවාව තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත්, නුදුරේදීම  HUTCH සිම්පත් ලබාගැනීමේ පහසුම හා වාසිදායක ක්‍රමවේදය බවට  මෙම සේවාව පත්වනු ඇති බවටද තිරුකුමාර් නඩරාසා මහතා විශ්වාසය පළ කළේය.

Hutch අලෙවියේ දක්ෂතා දැක්වූවන් Hutch Champion’s Challenge හිදී සම්මාන ලබයි.

පුවත බාගත කරගන්න

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන 3G ජාලය වන  Hutch  සිය සමාගමේ අලෙවිකරණයේදී ඉහළ දක්ෂතා දැක්වූන් ඇගයීමට ලක්කරයි. මේ සඳහා පැවැත්වූ  Hutch Champion’s Challenge 2015 /16  ඇගයුම් උළෙල මෑතකදී  කොළඹදී පැවැත්විණ. මෙම උත්සවය සදහා හචිසන්  ආසියා ටෙලිකොම් හි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඈන් චෙන් සහ Hutch ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා ද එක්ව සිටියහ.මෙම අවස්ථාව සඳහා  500 කට අධික Hutch අලෙවි නිලධාරීන් පිරිසක් සහ  ‍දිවයින පුරා Hutch බෙදාහැරීම් ජාලයට සම්බන්ධ විශාල පිරිසක් එක්ව සිටියහ. මෙම අවස්ථාව අමතමින් Hutch  ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේ සමස්ත සමාගමේ අලෙවිය පිළිබඳ සලකා බලන කල 3G ඩේටා අලෙවිය මෑත කාලීනව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි. ඒ සදහා කෂේත්‍රෙය් සිට කටයුතු කළ  අලෙවි කණ්ඩායමේ සහයෝගය අමතක කළ නොහැකි බව ද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.

හචිසන් ටෙලිකොමිනිකේෂන් ලංකා (පුද්ගලික )සමාගම  ශ්‍රී ලංකාවේ  ජංගම විදුලි සංදේශ සේවා සපයන ප්‍රමුඛතම සමාගමකි.මෙම සමාගම ශ්‍රී ලංකාව තුළ Hutch යන නාමයෙන්  දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් දිවයින පුරා ක්‍රියාත්මක සේවාවක් සපයයි. අඩු වියදම් 3G මොබයිල් බ්‍රොඩ්බෑන්ඩ් විසඳුම් හදුන්වාදෙමින්  මෙම සමාගම කටයුතු කරයි. හචිසන් ටෙලිකොමිනිකේෂන් ලංකා (පුද්ගලික) සමාගම  ලොව ප්‍රමුඛ සමාගම් 500 කගෙන් පමණ සැදුම්ලත්  හචිසන් වාම්පෝ සමාගම් සමූහයේ (“WHL”) කොටස්කාර සමාගමකි. WHL හි විදුලි සංදේශ අංශය   ලොව ප්‍රධාන රටවල් ගණනාවක ප්‍රමුඛ 3G සැපයුම්කරු වෙයි.එක්සත් රාජධානිය, ඉතාලිය , ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව, සහ ස්වීඩනය මෙන්ම ඕස්ට්‍රේලියාව සහ  හොකොං, මචාවූ ,වියෙට්නාමය, ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව ඇතුළත්ව ආසියානු රටවලද ජනප්‍රිය 3G සැපයුම්කරු වෙයි. ලෝ ප්‍රකට “3“  සන්නාමය යටතේ රටවල්  බොහොමයක WHL හි විදුලි සංදේශ අංශය ක්‍රියාත්මක වෙයි.

Hutch Champions Challenge

ඕනෑම ජාලයකට “එකම ගාස්තුවක්“

පුවත බාගත කරගන්න

 

Hutch ප්‍රධාන විධායක නිලධාරි වරයා විදුලි සංදේශ නියාමන කොමිසමේ නව  සම ගාස්තු ක්‍රමවේදය අගය කරයි

ජාලයෙන් පිටත ලබාගන්නා ඇමතුම් සඳහා අමතර ගාස්තු අය නොවේ

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම  විසින් 2016 පෙබරවාරි 01 වනදා සිට  දුරකථන  සේවා සඳහා නව සම ගාස්තු ක්‍රමයක්  ස්ථාපිත කර තිබේ.

පවතින  ද්විත්ව ගාස්තු ක්‍රමය අනුව පාරිභෝගිකයින් පිටත ජාලයක් වෙත ඇමතීමේදී  ජාලය තුළ ලබාගන්නා ඇමතුමක් සඳහා වන ගාස්තුව මෙන් දෙගුණයක් අය කෙරේ. තවද මෙම අමතර ගාස්තු අයකිරීම් නිසා තම පවුලේ සාමාජිකයින් හෝ හිතවතුන් ඇමතීමේදී වෙනත් ජාල සඳහා වැඩි ගාස්තුවක් ගෙවීමට සිදුවේ. මෙලෙස වෙනත් දුරකථන සේවා  වෙත ඇමතීමේදී  පාරිභෝගිකයින් මුහුණ  දෙන  අසීරුතාව මඟහරවාලීම සඳහා  මෙම නව ස්ථාවර ගාස්තු ක්‍රමය හඳුන්වා දී ඇත.

මෙම ක්‍රමය යටතේ  ඕනෑම ජාලයකින් ඕනෑම ජාලයක් වෙත ඇමතුම් ලබාගැනීමේදී  සමාන ගාස්තුවක් අය  කෙරෙන අතර පාරිභෝගිකයාට ජාලයෙටන් පිටත ඇමතුම් ගාස්තු පිළිබඳව තැකීමක් නොකර තමන් කැමති දුරකථන සේවාවක  සහය ලබාගැනීමට අවස්ථාව සැලසෙයි.

විදුලි සංදේශ නියාමන කොමිසම විසින් හඳුන්වාදුන් මෙම නව සම ගාස්තු ක්‍රමවේදය පිළිබඳ අදහස් දක්වන හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා  මහතා පෙන්වා දෙන්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ  උත්සාහයට Hutch පුර්ණ සහයෝගය ලබාදෙන බවයි.මෙම නව සම ගාස්තු ක්‍රමය නිසා පාරිභෝගිකයින්ට නිදහසේ තමන් කැමති ජංගම දුරකථන සේවාවක් භාවිත කිරීමට අවස්ථාව හිමිවන බවත්, ජංගම දුරකථන සේවා සපයන සමාගම් වලටද පාරිභෝගිකයින් වෙනුවෙන් උපරිම සේවාවක් සැපයීමට අවස්ථාව හිමිවන බවත් ය.

මෙම නව සම ගාස්තු ක්‍රමය දැනට භාවිත වෙන ජංගම දුරකථන අංක  සඳහා ස්වයංක්‍රියව ක්‍රියාත්මක  නොවන අතර පාරිභෝගිකයා ගේ කැමැත්ත පරිදි ස්ථාවර ගාස්තු ක්‍රමයට මාරුවිය හැක. විදුලි සංදේශ නියාමන කොමිසම මගින්  දැනට පවතින දුරකථන සබඳතා නව ඇමතුම් ගාස්තු ක්‍රමයට හැරවීමට අදාල ක්‍රියාවලිය පරීක්ෂා කරමින් පවතියි.තම පාරිභෝගිකයින් වෙත සහන සැලසීමේදී  නිරතුරුවම ප්‍රමුඛස්ථානයක් ගන්නා Hutch මනා විනිවිදභාවයකින් යුතුව නව සම ගාස්තු ක්‍රමය මේ වනවිට ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව තත්පරයකට ශත 3ක මුදලක් පමණක් අය කෙරෙනු ඇති මෙම නව ක්‍රමය අනුව මෙම මුදල Hutch ජාලය තුළ මෙන්ම Hutch ජාලයෙන් පිටත ලබාගන්න ඇමතුම් සඳහා ද වලංගු වෙයි.

65% කට වඩා වැඩි පාරිභෝගිකයින් ප්‍රමාණයක් මිනිත්තුවට වඩා අඩු කථා කාලයක්සහිත ඇමතුම් ලබාගන්නා අතර ඔවුන්ට මෙම තත්පරයට අයකරන නව ගාස්තු ක්‍රමය මගින් සුවිශේෂි වාසියක් Hutch ජාලය වෙතින් ලබාගත හැක.

උසස් තත්වයේ 3G සේවා සැපයුම් කරු වශයෙන් කීර්තිමත් නාමය දිනා සිටින Hutch,මෙම නව පියවරත් සමඟ තම පාරිභෝගිකයින්ට වටිනා  ජංගම දුරකථන සේවා සපයන්නා බවට පත්වන බව ද  එහි ප්‍රධාන විධායක නිලධාරි වරයා  වැඩිදුරටත් සඳහන් කරයි.

A4 Sticker ST

Hutch මගින් දැන් දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ පහසුකම්

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන 3G ජාලයක් වන Hutch, මොබිටෙල් සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය හා එක්වී  Hutch පාරිභෝගිකයින් වෙත  සපයන පහසුකම් වැඩිදියුණු කරමින්  මෙම සේවාව ක්‍රියාත්මක කරනු ඇත.
 
මෙරට දෛනිකව දුම්රියෙන් ගමන් කරන පිරිස ලක්ෂ 3 ඉක්මවන අතර  මේ හේතුවෙන් දුම්රිය තදබදයක්ද ඇතිවී තිබේ. මේ නිසා කලින් ආසන වෙන් කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි. මේ සඳහා දුම්රිය ස්ථානය වෙත ගොස්  පෝලිමක රැඳී සිට ආසන වෙන්කරවා ගැනීම වර්තමානයේ කාර්ය බහුල  ජීවිතයක් ගතකරන්නන්ට අසීරු කටයුත්තකි. මෙම අපහසුතාවට පිළියමක් වශයෙන් Hutchවෙතින් සිය පාරිභෝගිකයින් සඳහා මෙම නව සේවාව හඳුන්වා දී තිබේ.මෙම සේවාව යටතේ ජංගම දුරකථනය ඔස්සේ දුම්රිය ආසන වෙන්කරවා ගැනීම  පහසුවෙන් සිදුකළ හැකිය. ඕනෑම Hutch දුරකථනයකින් 365 ඇමතීමෙන් පැය 24 පුරාවටම ක්‍රියාත්මක වන මෙම දුම්රිය ආසන වෙන්කිරීමේ සේවාව හා සම්බන්ධ වී ආසන වෙන්කර ගත හැකිය. ප්‍රවේශ පත්‍රය සඳහා වන අයකිරීම දුරකථන සබඳතාවයේ ඇති ගිණුමේ ශේෂයෙන් අයකර ගැනීම සිදුවෙයි.මෙහිදී කෙටි පණිවිඩයක් මගින් ප්‍රවේශ පත්‍රය වෙන්කළ බවට තහවුරු කිරීමක් ද පාරිභෝගිකයාට හිමිවෙයි.එම කෙටි පණිවිඩය දුම්රිය ස්ථානයේ ඒ සඳහා විශේෂ වු කවුන්ටරයට පෙන්වීමෙන්  ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමට  පාරිභෝගිකයාට අවස්ථාව සැලසෙයි.
 

කොළඹ – මහනුවර සීඝ්‍රගාමී දුම්රිය, වවුනියාව සීඝ්‍රගාමී දුම්රිය, වවුනියාව රාත්‍රී තැපැල් දුම්රිය, යාල්දේවී, බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය, උඩරට මැණිකේ, පොඩි මැණිකේ, සහ රාජධානි එක්ස්ප්‍රස් යනාදී ප්‍රධාන දුම්රිය මාර්ග සඳහා මෙම සේවාව වලංගු වෙයි.

Hutch ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේ Hutch, මොබිටෙල් හා ශ්‍රී ලංකා දුම්රිය සේවය ඒකාබද්ධව තම පාරිභෝගිකයින්ට සහන සැලසීමට හැකිවීම පිළිබඳව ඉතා සතුටු වන බවයි .එමෙන්ම  සම සේවා සැපයුම්කරුවෙකු වන මොබිටෙල් සහ සහයෝගීතාවයෙන් මෙම සේවාව සැපයීමට අවස්ථාව හිමිවීම සුවිශේෂි තත්වයක් බවයි.
 
ශ්‍රී ලංකා මොබිටෙල් හි ජ්‍යෙෂ්ට සාමාන්‍යාධිකාරී (වෙළඳ) නලින් පෙරේරා මහතා සඳහන් කළේ ක්ෂේත්‍රයේ සමානයින් වන  Hutch සහ මොබිටෙල්  ඒකාබද්ධ සේවා සැපයීම  දුරකථන සේවා සැපයුම් ක්ෂ්ත්‍රයට  නවමු අත්දැකීමක් බවයි. mTicketing සේවාව මගින් මේ වන විට පාරිභෝගිකයින්ගේ ජීවන රටාව පහසු කරවීමට සමත්ව ඇති බවත් hutch හා එක්ව තව දුරටත් එම සේවාව පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය.
 Hutch නිරන්තරයෙන් සිය පාරිභෝගිකයාගේ සැබෑ  අවශ්‍යතාව හඳුනාගනිමින්   කටයුතු කරන අතර  ජංගම දුරකථන බැංකු සේවා, රක්ෂණ  සහ  e-channeling ආදී වශයෙන් විවිධ වු  පහසුකම් රැසක්  සිය පාරිභෝගිකයින් වෙත දැනටමත් හඳුන්වා දී තිබේ.

Hutch වෙතින් ස්මාර්ට්ෂෙයාර් සේවාව

පොදු ඩේටා ශේෂයක් උපාංග කිහිපයක් අතර භාවිත කිරීමේ  අද්විතීය සේවාවක් 
 
මෙරට විශාලතම 3G ජාලයක් වන Hutch ශ්‍රීලංකාවේ මුල් වරට  සිය  පාරිභෝගිකයින් සඳහා SmartShare පහසුකම් හඳුන්වා දෙයි. Hutch   ස්මාර්ට්ෂෙයාර් ලෙස නම් කර ඇති මෙම පහසුකම යටතේ එක්  අංකයක ඇති ඩේටා ප්‍රමාණය  තවත් Hutch සිම් කාඩ්පත්  ඇති උපාංග කිහිපයක්  අතර භාවිත කිරීමේ හැකියාව ලැබේ. 
 
විවිධ උපාංග සඳහා වෙනම  Data ටොප් අප් කිරීම්දී මුහුණ දෙන දුෂ්කරතා මග හරවා ගැනීම සඳහා මෙම නව සේවාව හඳුන්වා දී තිබේ.
ගතවු වසර දෙක තුළ  3G උපාංග  භාවිතය සීඝ්‍රයෙන් ඉහළ ගොස්  තිබේ. ඊට හේතුවී ඇත්තේ උපාංග සහ සේවාවල මිළ ගණන් පහළ යාමයි.  මේ නිසා මේ වන විට එක් පුද්ගලයෙක් සතුව අන්තර්ජාල සේවා සඳහා පරිහරණය කරන ස්මාර්ට්ෆෝනයක්, ටැබ්  පරිගණකයක්,  ඩොංගලයක් , ස්මාර්ට් ටීවී , සහ අන්තර් ජාල ක්‍රීඩා උපකරණ ආදී උපාංග  කිහිපයක් පවතියි. 
 
මෙම උපාංග සඳහා වෙන් වෙන් වශයෙන්  කලට වේලාවට ටොප් අප් කර ගැනීම ද  , මේවායේ ඇති ඩේටා වල කල් ඉකුත් වීමේ දිනයන් වෙන වෙනම මතක තබා ගැනීමද අසීරු වු කරුණකි.
 
මෙම පවතින ගැටළුවලට පිලියම් වශයෙන් SmartShare පහසුකම් හඳුන්වා දී තිබේ. මෙහිදී  එකම  අංකයකින්  තමන්ට අවශ්‍ය පරිදි සිම්පත් කිහිපයක් අතර ”ඩේටා ෂෙයාර්”කළ හැකි අතර ඒවා තම ජංගම දුරකථනය,ටැබ් පරිගණකය හෝ ඩොංගලය සඳහා භාවිත කළ හැකි වෙයි. මෙම Hutch SmartShare පහසුකම ලබාගැනීම සඳහා කිසිදු අමතර ගෙවීමක් සිදු නොකළ යුතු අතර අමතර මාසික ගාස්තු ගෙවීමක් හෝ ක්‍රියාත්මක කිරීමේ ගාස්තු ගෙවීමක් සිදු කළ යුතු නැත.
 
Hutch වෙළඳ ප්‍රධානි මොහොමඩ් හමීඩ් හසන් සඳහන් කළේ මෙම නව සේවාව දහස් ගණනක් වු Hutch පාරිභෝගිකයින් අතර දැනටමත් ක්‍රියාත්මක කර ඇති  බවයි. විශේෂයෙන්ම ඩොංගල් සඳහා Hutch සිම්පත් භාවිතයේදී ඒවායේ අංකය වෙනම මතක තබා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් වී  ඇති බවත් ඒ මහතා කියයි. එම සිම්පත සදහා මුදල් ගෙවීම,ඩේටා සැලසුම් තෝරාගැනීම, සහ ශේෂය විමසීම ආදී කරුණු දැනගැනීමට අංකය මතක තබාගැනීම අත්‍යවශ්‍යව තිබු බවත් මෙම නව සේවාවෙන් එම සියලු දුෂ්කරතා වලට පිළියම් ලැඛෙන බවත් මොහොමඩ් හමීඩ් හසන් මහතා කියයි.
 
පෙරගෙවුම් මෙන්ම පසු ගෙවුම් සබඳතා සහිත පාරිභෝගිකයින්  සඳහා මෙම සේවාව  ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ප්‍රථම  අවස්ථාව මෙයයි.සිය පාරිභෝගික ජීවන රටාවට අවශ්‍ය පරිදි තාක්ෂණය සැපයීම  සදහා Hutch සියලු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී.
 
 Hutch SmartShare පහසුකම් යටතේ එක් Hutch ඩේටා සබඳතාවක් ඔස්සේ අනිකුත් Hutch සබඳතා සියල්ල සම්බන්ධ කර ගැත හැක.ඒ අනුව ප්‍රධාන ඩේටා සබඳතාවේ පවතින ඩේටා ප්‍රමාණය අනික් උපාංග වලට භාවිත කළ හැක.පාරිභෝගිකයාගේ මුදලට ඉහළ වටිනාකමක්  හිමිවීම ද මෙහිදී ලැබෙන අමතර වාසියකි. උපාංග සියල්ලටම සරිලන ඩේටා ප්‍රමාණයක් සහිත package එකක් මිලදී ගැනිමෙන් මෙම සේවාවේ උපරිම ප්‍රතිඵල අත්විඳිය හැකිය.
 
මෙම සේවාව පහසුවෙන් සක්‍රිය කිරීමට USSD මෙනු එකක් ඇති අතර නව උපාංග  එකතු කිරීමසහ එකතු කර ඇති උපාංග ඉවත් කිරීම ද එමගින්  පහසුවෙන්  කළ හැකිය.
 
Hutch ප්‍රධාන විධායක තිරුකුමාර් නඩරාසා මහතා මෙම නව සේවාව පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ මීට වසර 3කට පමණ පෙර 3G සේවා හඳුන්වා දුන්  අවධියේ සිට මේ දක්වා Hutch ඉතා සාර්ථකව ස්ථිරසාර පාරිභෝගික කොටසක් සතු කරගෙන ඇති බවයි.ශ්‍රී ලංකාවේ පවතින  ඩේටා ඉල්ලුම දිනෙන් දින වර්ධනය වන බවත්,ඊට සරිලන ආකාරයේ සැපයුමක් ලබාදීමට Hutch සුදානම් බවත් එහි ප්‍රධාන විධායක නිලධාරි වරයා පෙන්වා දෙයි.ගතවු කාලය තුළ සිදුකළ ආකාරයටම සිය පාරිභෝගිකයා වෙත ගෙවන මුදලට සරිලන විශිෂ්ට සේවා අත්දැකීමක්  සැපයීමට Hutch කටයුතු කරන බව ද ඒ මහතා සඳහන් කර තිබේ.
Hutch SmartShare data service Unique facility eliminates hassle of managing data quotas on multiple devices

පොදු ඩේටා ශේෂයක් උපාංග කිහිපයක් අතර භාවිත කිරීමේ අද්විතීය සේවාවක්

Hutch “GetnAiled ” ජයග්‍රාහිකයන් හමුවේ

පුවත බාගත කරගන්න

මෙරට අන්තර්ජාල පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ අරමුණින්  Hutch අති සාර්ථක  දෙවන වරටත් “GetnAiled Gaming Challenge” පරිගණක ක්‍රීඩා තරගාවලිය සඳහා අනුග්‍රහය ලබාදෙයි.

IMG_5305 IMG_5302 IMG_5297 IMG_5294

YES Superstar Season 3 සඳහා හච් අනුග්‍රාහය දක්වයි

මෙරට ප්‍රධාන පෙළේ බ්‍රෝඩ්බෑන්ඩ් 3G  සේවා සැපයුම් ආයතනයක් වන හච්, YES Superstar Season 3  සඳහා අනුග්‍රාහය දක්වයි. සජීවී ගායන තරඟාවලියක් ලෙස ප්‍රචලිත YES සුපර්ස්ටාර්, කුසලතාවය සහ සහජ හැකියාව මත ගායක ගායිකාවන් ඇගයීමට ලක් කරයි. 
 
මෙම වසරේ YES  සුපර්ස්ටාර් තරඟාවලියේ විනිශ්චය මඩුල්ල ලෙස ප්‍රසිද්ධ කලාවේදීන් වන නටාෂා රත්නායක, ඩිලේන් ජෝසප් සහ අශාන්ති ද අල්විස් සහභාගී වූ අතර මෙවැනි බොහෝමයක් වැඩසටහන් වල පවත්නා සාම්ප්‍රදායික මනාප ක්‍රමයෙන් බැහැරව අවසාන තරඟ වටයේ දී මහජන මනාපවලින් 80% ක් ද විනිශ්චය මණ්ඩලයේ ලකුණුවලින් 20% ක් ද සැලකිල්ලට ගනිමින් කිරුල හිමි ජයග්‍රාහකයා තෝරා  ගන්නා  ලදි. අවසානයේ දී දැඩි තරඟකාරිත්වය හමුවේ ජයග්‍රාහකයා ලෙස රයන් හෙන්ඩර්ලින් තෝරා ගත් අතර විත්මා කුමාරගේ, ඩැරන් ස්ටෝර්ක් සහ දිනුක්ෂි හෙට්ටිගේ පිළිවෙලින් දෙවෙනි, තෙවෙනි සහ හතරවෙනි ජයග්‍රාහකයින් ලෙස නම් කරන ලදි. 
 
හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා මෙසේ පැවසුවේ ය.  “ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉංග්‍රීසි භාෂා සංගීත තරඟාවලියක් සමඟ හවුල්වීමට ලැබීම පිළිබඳව අපි ඉතාමත් සතුටුවන්නෙමු. මෙය අපිට අපගේ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධවීමේ පසුබිමක් සකස් කරනවා පමණක් නොව මෙරට තරුණයන්ගේ දක්ෂතාවයන් ඉස්මතු කරවීම තුළින් ඔවුනට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමේ අවස්ථාව  ද උදා කර දේ. YES සුපර්ස්ටාර් සමඟ ඇති කර ගත් හවුල්කාරිත්වය දේශීය කුසලතාවයන් සංවර්ධනය කිරීමෙහිලා කැපවුණු තාරුණ්‍යය අඟයන වෙළෙදනාමයක් ලෙස හච් හී කීර්තිනාමය තව තවත් වර්ධනය කිරීමට ඉවහල් වනු ඇත.

YES Superstar Season 3  ජයග්‍රාහකයින් හච් කණ්ඩායම සමඟ. ඡායාරූපයේ වමේ සිට : හච් හී සහකාර කළමනාකරු අලෙවිකරණ සන්නිවේදන ජෙහාන් මැනන්, රයන් හෙන්ඩර්ලින් , විත්මා කුමාරගේ, දිනුක්ෂි හෙට්ටිගේ, ඩැරන් ස්ටෝර්ක්, හච් හී විකුණුම් සහ අලෙවිකරණ අංශ ප්‍රධානී රම්සිනා මොර්සෙත් ලායි සහ අලෙවිකරණ සන්නිවේදන අංශ ප්‍රධානී ඩිලනි ද සිල්වා.

YES Superstar Season 3 ජයග්‍රාහකයින් හච් කණ්ඩායම සමඟ. ඡායාරූපයේ වමේ සිට : හච් හී සහකාර කළමනාකරු අලෙවිකරණ සන්නිවේදන ජෙහාන් මැනන්, රයන් හෙන්ඩර්ලින් , විත්මා කුමාරගේ, දිනුක්ෂි හෙට්ටිගේ, ඩැරන් ස්ටෝර්ක්, හච් හී විකුණුම් සහ අලෙවිකරණ අංශ ප්‍රධානී රම්සිනා මොර්සෙත් ලායි සහ අලෙවිකරණ සන්නිවේදන අංශ ප්‍රධානී ඩිලනි ද සිල්වා.


විත්මා කුමාරගේ, ඩැරන් ස්ටෝර්ක්, රයන් හෙන්ඩර්ලින් සහ දිනුක්ෂි හෙට්ටිගේ ඇතුළුව YES Superstar Season 3 අවසන් වටයේ ජයග්‍රාහකයින්.

විත්මා කුමාරගේ, ඩැරන් ස්ටෝර්ක්, රයන් හෙන්ඩර්ලින් සහ දිනුක්ෂි හෙට්ටිගේ ඇතුළුව YES Superstar Season 3 අවසන් වටයේ ජයග්‍රාහකයින්.