4G ජාලය මඩකලපුව ප්‍රදේශයේ ව්‍යාප්ත කිරීම සංකේතවත් කරමින් මයිකල්-අන්තෝනි මහා තරගාවලියට ප්‍රධාන අනුග්‍රාහකත්වය  හච් වෙතින්

සිය සේවා ජාලය නැගෙනහිර පළාත තුළ වඩාත් පුළුල් කිරීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන සන්නිවේදන දුරකථන ජාලය-හච් (HUTCH) ත්‍රිකුණාමලයේ ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ මඩකලපුව මයිකල් විද්‍යාලය අතර පවත්වන වා¾Isl මහා ක්‍රිකට්  තරගාවලිය සඳහා  මෙවර ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයා  ඇත. මෙම මහා ක්‍රීඩා තරගාවලිය මඩකලපුවේ කල්ලඩි උප්පොඩායී හි ශිවනන්ද ක්‍රීඩාx.Kයේදී පැවැත්විණි.  4G ජාලය  ඔස්සේ  වඩා වේගවත් සහ පුළුල් සේවාවක් සපයමින් හච් (HUTCH) සමාගම මඩකලපුව ප්‍රදේශය මූලික කරමින් සිය සේවා කටයුතු නැගෙනහිර පළාත තුළ ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇත.

 

හච් මධ්‍යස්ථානය නවීනත ම තාක්ෂණයෙන් යාවත්කාලීන කෙරේ

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම ව්‍යාප්තවන ජංගම විදුලි සංදේශන සහකරුවන හච්, වල්පොල පිහිටි සිය මධ්‍යස්ථානය නවීන තාක්ෂණයෙන් පූර්ණ නවීකරණයට ලක් කරමින් වෙළඳපල ප්‍රමුඛස්ථානය තවදුරටත් තහවුරු කර ගනී.

 තාක්ෂණික නවෝත්පාදනය සඳහා තමන් දක්වන කැපවීම පිළිබිඹු කරමින් හච් සමාගම දිවයින පුරා 4G ආවරණය ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියේ අදියර දෙකක් ලෙස මෑතකදී බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල 4G ජාලය දියත් කිරීමට කටයුතු කළේය. මෙහි තවත් පියවරක් ලෙස, මූලික ජාලය මත පදනම් වූ මෙරට ප්‍රථම පරිපූර්ණ NFV (Network Function Virtualization) තාක්ෂණයෙන් සිය මධ්‍යස්ථානය සවිබල ගැන්වීමට ද එම සමාගම කටයුතු කළේය. එම තාක්ෂණය හරහා, සම්ප්‍රදායික දෘඩාංග මත පදනම් වූ පද්ධති වෙනුවට විදුලි සංදේශන සේවා සඳහා වඩාත් පොදු තොරතුරු තාක්ෂණ සර්වරයකට යොමු වීම සඳහා මෙහෙයුම්කරුවන්ට අවස්ථාව හිමි වේ. මෙම නව තාක්ෂණය හරහා, විදුලි සංදේශන යෙදවුම් සඳහා ම විශේෂයෙන් සකස් කරන ලද සියලු විශේෂඥ පද්ධති ඕනෑම සම්මත තොරතුරු තාක්ෂණ සර්වරයක් මත ක්‍රියාත්මක වේ. ඒ අනුව අඩු ප්‍රාග්ධනයකින් නම්‍යශීලි සහ කඩිනම් යාවත්කාලීන කිරීම් සිදු කර ගැනීමට එමගින් අවස්ථාව උදා වේ.

 ඊට අමතරව හච් සමාගම, පසු ගෙවුම් සහ පෙර ගෙවුම් බිල්පත් පද්ධති එකම පදනමක් මත ක්‍රියාත්මක කළ හැකි ලොව භාවිත කෙරෙන නවීනත ම ඒකාබද්ධ බිල්පත් පද්ධති (CvBS) තාක්ෂණය ද දියත් කරයි. ඒ අනුව සිය අවශ්‍යතාවට ඔබින පරිදි ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට සුවිශේෂී පැකේජ ලබාදීමට අවශ්‍ය නම්‍යශීලි බව මෙහෙයුම් ක්‍රියාවලියට හිමි වේ.

 ශ්‍රී ලංකාවේ උසස් ම තාක්ෂණයෙන් යුතු මූලික ජාල සහ ඒකාබද්ධ බිල්පත් පද්ධති හඳුන්වා දීම හරහා මෙරට පාරිභෝගික ජනතාවට නවීන තාක්ෂණයෙන් යුතු විශිෂ්ට සේවාවක් පිරිනැමීමට හච් සමාගම දක්වන කැපවීම් තවදුරටත් පිළිබිඹු වනවා. සමස්ත ශ්‍රී ලාංකිකයන් හට දැරිය හැකි මිලකට 4G තාක්ෂණය ලබාදීම සඳහා අප දියත් කර ඇති ව්‍යාපෘතියට සමගාමීව මෙම තාක්ෂණික යාවත්කාලීන කිරීම සිදු කෙරෙනවා. හච් සන්නාමය යටතේ එටිසලාට් ජාලය ඒකාබද්ධ කිරීමත් සමග තරගකාරී සහ අසමසම 2G/3G සේවා ලබාදීමට අපට හැකි වී තිබෙනවා” යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් හච් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේය.

HUTCHBID2WIN ජයග්‍රාහකයින් වෙත Honda Scooty මෝටර් සයිකල් පිරිනැමෙයි

2019 අප්‍රේල් සහ මැයි මාසවලදී පැවැත්වූ HUTCHBID2WIN තරඟාවලියේ ජයග්‍රාහකයින් වන කුරුණෑගල පදිංචි තුෂි කුමාර් සහ දෙමටගොඩ පදිංචි මොහොමඩ් තුවාන් යන මහත්ම මහත්මීන් වෙත එම ජයග්‍රහණයට හිමි Honda Scooty මෝටර් සයිකල් පසුගියදා ප්‍රදානය කෙරිණ. ශ්‍රී ලංකාවේ විශාලතම SMS ක්‍රීඩා සේවාව වන HUTCHBID2WINයටතේ එක් කාලසීමාවක් තුළ වෙන් කරන ලද ත්‍යාගයයක අවම වටිනාකම නම් කිරීමට ඕනෑම දුරකථන ජාලයක පාරිභෝගිකයෙකුට අවස්ථාව පිරි නැමිණ. එහිදී අවම වටිනාකම සහිත අවම මිලක් ත්‍යාග්‍යය සඳහා නම් කරන තැනැත්තා ජයග්‍රාහකයා බවට පත්වන අතර ඔහුට එම ත්‍යාගය දිනාගැනීමට අවස්ථාව හිමිවෙයි. BID2WIN ක්‍රීඩා ‍සේවාව විසින් අඛණ්ඩවවසර 3ක් මෙම තරඟාවලිය පැවැත්වූ අතර මෝටර් රථ,මෝටර් බයිසිකල්, ලැප්ටොප්ථ ස්මාර්ට්ෆෝන් ආදී වශයෙන් රුපියල් මිලියන 20 කට වඩා වැඩි වටිනාකමින් යතු තෑගි පෙළක් පිරිනමා තිබේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන zMessenger විසින් බලගන්වයි.

 

හච් වෙතින් පොසොන් දන්සැලක්

හච් ශ්‍රී ලංකා සමාගම පොසොන් පොහොය නිමිත්තෙන් අඛණ්ඩව තුන්වන වරටත් අයිස්ක්‍රීම් දන්සැලක් සංවිධාන කළේය. පසුගිය ජුනි මස 14 වනදා වල්පොල දුම්රිය ස්ථානයේදී පැවැත්වුණු මෙම දන්සැල සඳහා 7,500කට අධික පිරිසක් පැමිණි අතර හච් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ කාර්යමණ්ඩල සාමාජිකයෝ ද ඊට සක්‍රීයව දායකත්වය ලබා දුන්හ.

 

හච් සමාගමෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

හච් සමාගමේ ක්‍රීඩා සහ සුබසාධන සංගමය විසින් අඛණ්ඩව දෙවන වරටත් සංවිධාන කරන ලද ලේ දන්දීමේ වැඩසටහන පසුගිය ජුනි මස 12 වනදා මිලාගිරිය ශා.පාවුළු දේවස්ථානයේ මීසම් ශාලාවේදී සාර්ථකව පැවැත්විණි. හච් කණ්ඩායම මෙන්ම ප්‍රදේශය අවට ජනතාව සහ ආයතනවල කාර්යමණ්ඩල සාමාජිකයෝ 100 කට අධික පිරිසක් මෙම සද් කාර්යය සඳහා සහභාගී වූහ.

ලී කා-ශිං ධන කුවේරයා ප්‍රථම බෞද්ධ කලා කෞතුකාගාරය විවෘත කරයි

හොං කොංහි ධන කුවේරයෙකු මෙන්ම සමාජ සුබසාධකයෙකු ද වන ලී කා-ශිං මහතා පසුගියදා ඩොලර් මිලියන ගණනක වියදමින් බෞද්ධ කලා කෞතුකාගාරයක් හොං කොං හි විවෘත කිරීමට කටයුතු කළේය. ඒ මහතා Hutchison Telecommunications Lanka (HTLL) සමාගමේ ප්‍රධාන කොටස්කාර සමාගමවන CK Hutchison Holdings සමාගමේ හිටපු සභාපතිවරයාය.

එය ඉදිකර ඇත්තේ එතුමාගේ දායකත්වයෙන් ඉදිකෙරුණු ටිස් ශාන් ආරාම පරිශ්‍රයේය. 1980 වසරේදී ආරම්භ කරන ලද මෙම පදනම හරහා ලොව පුරා රාජ්‍යයන් 27ක අධ්‍යාපන සහ වෛද්‍ය ව්‍යාපෘති රැසක් සිදු කර ඇති අතර ඉහත සඳහන් ආශ්‍රමය සහ කෞතුකාගාරය ද එම පදනම මගින් සිදු කරන ලද ව්‍යාපෘති වේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ආශ්‍රයෙන් නිර්මලත්වය සහ අධ්‍යාත්මික අවබෝධය ලබාගැනීමට අපේක්ෂා කරන්නන් හට පර්යේෂණ සහ අධ්‍යයන කටයුතු සිදු කළ හැකි බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙසඇ.ඩො. මිලියන 382ක වියදමින් මෙම බෞද්ධ කලා කෞතුකාගාරය ස්ථාපනය කර ඇත.

දැවැන්ත ගුවාන් යින් ප්‍රතිමාව සහ කලා කෞතුකාගාරයට අමතරව සිටිගර්භ බෝධිසත්ත්ව ශාලාව, ඝණ්ඨාර කුළුණ, බෙර කුළුණ සහ පුස්කොළ පොත් පුස්තකාලය ආදියෙන් ද මෙම ආශ්‍රමය සමන්විතය. පුනරුත්පත්තිය සංකේතවත් කරමින් නෙළුම් සහ ඕලු මල්වලින් සමන්විත පොකුණක් ද එහි මිදුලේ දැකගත හැකිය.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට හොං කොංහි ධනවත් ම පුද්ගලයාවන ලී කා-ශිං මහතා සහභාගී වූයේය. ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ ධනය ඇමරිකානු ඩොලර් බිලියන 33.4 කි. වජ්‍ර සූත්‍රය උපුටා දක්වමින් එතුමා එහිදී අදහස් පළ කළේය. “සෑම සංසිද්ධියක් ම සිහිනයක්, මායාවක්, බුබුලක්, අභූත රුවක් වැනිය. බෞද්ධ දර්ශනය මා හට සැකය, බිය සහ අවිශ්වාසය යන අභියෝගවලින් මිදීම සඳහා මග පෙන්වූවා”

“මා කවුද? මගේ ජීවිතයෙන් මා කළ යුත්තේ කුමක්ද? මා සුබවාදී අනාගතයක් ගොඩනගන්නේ කෙසේද? අප ඉදිරියට ගමන් කළ යුත්තේ කුමන දිශාවෙන්ද? මා සිතන්නනේ ටිස් ශාන් ආශ්‍රමය එවැනි දිශානුයෝජනයකට සහ අවලෝකනයකට ඉඩහසර ලබාදෙන තැනක්වනු ඇත”

කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර ඇති ධාතූන් වහන්සේලා බුදු දහමේත් එහි පැවැත්මේත් කතාව පිළිබිඹු කරයි. බුදු දහමේ ඓතිහාසික සහ භූගෝලීය වර්ධනය එහි 100කට අධික දැවැන්ත බුද්ධ ප්‍රතිමා සහ අතින් පිටපත් කරන ලද දන්හුආන් සූත්‍ර 43 ද මැනවින් කියාපායි. එම ප්‍රතිමාවලින් වැඩි ප්‍රමාණයක් ලී මහතා විසින් පරිත්‍යාග කරන ලද ඒවාවන අතර අනෙකුත් ප්‍රතිමා චීනය, ඉන්දියාව, ජපානය, මියන්මාරය සහ වෙනත් නැගෙනහිර සහ ගිනිකොනදිග ආසියානු රටවලින් ලී කා-ෂින් පදනම විසින් ලබගත් ඒවාය.

බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීම සඳහා තමන් දරන උත්සාහය අනුව යමින් ලී කා-ෂින් මහතා විසින් මෙම කලා කෞතුකාගාරය ගොඩනගා ඇත. බුදුදහම යනු සැමට පොදු වූ ධර්මයක් බව ඔහුගේ අදහසයි. ඔහු පූජා කළ සෑම බුද්ධ ප්‍රතිමාවකින් ම මිනිස් වර්ගයාගේ කැපවීම සහ විඳවීම නිරූපණය කරයි. කෞතුකාගාරය සතු භාණ්ඩ එකතුව හරහා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් ප්‍රතිනිර්මාණය කිරීමට අපේක්ෂිතය.

ටිස් ෂාන් ආශ්‍රමය නැරඹිය හැක්කේ පූර්ව වෙන්කරවා ගැනීම් මගින් පමණක්වන අතර දිනකට 400 දෙනෙකුට එය නැරඹීමේ අවස්ථාව හිමිවේ. මැයි මස 1 වනදා සිට ලොව පුරා ජනතාවට එම කෞතුකාගාරය නොමිලයේ දැකගත හැකිය.

හච් ලයිව් ස්ට්‍රීමිං සහ නොමිලේ ඩේටා සමගින් ක්‍රිකට් ලෝක කුසලානයට අලුත් ම අත්දැකීමක්

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම ව්‍යාප්තවන ජංගම විදුලි සංදේශන සබඳතා සහකරුවන හච් 078 සහ 072 පාරිභෝගිකයන් සඳහා නැවුම් ක්‍රිකට් ලෝක කුසලාන අත්දැකීමක් හිමිකර දෙමින් නොමිලේ ලයිව් ස්ට්‍රීමිං සහ නොමිලේ ඩේටා පිරිනැමීමට කටයුතු කර ඇත.

ලයිව් ස්ට්‍රීමිං හරහා ඕනෑම තැනක සිට තමන්ගේ ප්‍රියත ම ක්‍රීඩා තරග නැරඹීමට හැකිවන බැවින් ස්මාර්ට් ජංගම දුරකථන ඔවුන්ගේ විනෝදාස්වාදයේ නැතිවම බැරි අංගයක් බවට පත්ව තිබේ.

චැනල් අයි නාලිකාව සමග අත්වැල් බැඳ ගනිමින් පාරිභෝගිකයන්ට පිරිනමන උසස් වීඩියෝ ප්‍රමිතියෙන් යුතු මෙම ලයිව් ස්ට්‍රීමිං පහසුකම කිසිඳු සේවා ගාස්තුවකින් සහ අමතර ඩේටා ගාස්තුවකින් තොරව https://www.hutch.lk/cricket-2019/ හරහා හිමිකර ගත හැකිය.

හච් අන්ලිමිටඩ් ඩේටා පැකේජ සහ cliQපැකේජ හරහා ලෝක කුසලානයේ අසිරිය නොකඩවා විඳ ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමිකර දීමට ද හච් කටයුතු කරයි.

තවද, හච් ඩේටා පවර්ප්ලේ ප්‍රවර්ධන වැඩසටහන හරහා පාරිභෝගිකයන් හට දවසේ ජයග්‍රාහී කණ්ඩායම අනුමාන කර නොමිලේ ඩේටා දිනා ගැනීමට ද හැකිය. ජයග්‍රාහී කණ්ඩායම නිවැරදිව අනුමාන කරන සියලු ම පාරිභෝගිකයන් හට එම කණ්ඩායම එල්ල කරන සෑම හයේ සහ හතරේ පහරක් සඳහා ම පිළිවෙලින් 6MB සහ 4MB බැගින් ඩේටා පිරිනැමේ. මේ සඳහා පාරිභෝගිකයන් කළ යුත්තේ *646# ඩයල් කර සෑම දිනක ම ප.ව. 3ට පෙර සිය අනුමානය යොමු කිරීම පමණි.

මෙම අසමසම ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ අදහස් පළ කරමින් හච් සමාගමේ දත්ත, VAS සහ ඩිජිටල් සේවා අංශයේ ප්‍රධානී යර්ධව් මාතියපරනම් මහතා සඳහන් කළේ, ශ්‍රී ලාංකේය ජනතාවගේ නොමඳ ආදරය දිනාගත් ක්‍රිකට් ක්‍රීඩාව සමග අත්වැල් බැඳ ගැනීම සඳහා පවර්ප්ලේ ප්‍රවර්ධන වැඩසටහන ගොඩනගා ඇති බවය. “මෙහි විශේෂත්වය වන්නේ සෑම පාරිභෝගිකයෙකුට ම ජයග්‍රහණය කළ හැකි ලෙස මෙය සැලසුම් කර තිබීමයි. අප සතියක් වැනි කෙටි කාලයක් තුළ 5327GB ක නොමිලේ ඩේටා පිරිනමා තිබෙනවා. ලෝක කුසලානයේ අසිරිය උපරිමයෙන් අත්විඳිම සඳහා හැකි පමණ 078 සහ 072 පාරිභෝගිකයන් හට නොමිලේ ඩේටා පිරිනැමීම අපගේ අරමුණයි” ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සම්පත් බැංකුව හරහා හච් රීලෝඩ් ලබා ගැනීමේ පහසුකම හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම ව්‍යාප්තවන ජංගම විදුලි සංදේශන සමාගමක්වන හච්, සම්පත් බැංකුව සමග අත්වැල් බැඳ ගනිමින් රීලෝඩ් ලබා ගැනීමේ පහසුකමක් හඳුන්වා දී ඇත. මෙම පහසුකම යටතේ මිස්ඩ් කෝල් එකක් ලබාදීම හරහා පාරිභෝගිකයන් හට රීලෝඩ් කර ගැනීමට හැකි වේ.

මෙම “මිස්ඩ් කෝල් රීලෝඩ්” පහසුකම සම්පත් බැංකුව විසින් ගොඩනගන ලද සේවාවක්වන අතර 458 අමතා ඇමතුම විසන්ධි කරමින් සම්පත් බැංකු ගිණුම හරහා ඕනෑම මොහොතක කඩිනමින් රීලෝඩ් කර ගැනීමට හච් පාරිභෝගිකයන්ට අවස්ථාව උදා වේ.

මිස්ඩ් කෝල් එක ලැබුණු විගස පාරිභෝගිකයාගේ සම්පත් බැංකු ගිණුමින් රු. 100ක් පාරිභෝගිකයාගේ හච් අංකයට යොමුවන අතර ස්වයංක්‍රියව එම අගය සම්පත් බැංකු ගිණුමින් අඩු කෙරේ. මෙම ක්‍රමය යටතේ එක් වරකට වැඩි ගණනක් රීලෝඩ් කර ගැනීමට හැකිවීම ද විශේෂත්වයකි.

මෙම පහසුකම හඳුන්වා දෙමින් හච් සමාගමේ ප්‍රතිග්‍රහණ සහ බෙදාහැරීම් සහකාර සාමාන්‍යාධිකාරී මෙල්රෝයි තෝමස් මහතා සඳහන් කළේ, හච් පාරිභෝගිකයන් හට වඩාත් කාර්යක්ෂම සහ පහසු රීලෝඩ් ක්‍රමවේදයක් හඳුන්වා දීමට සම්පත් බැංකුව සමග අත්වැල් බැඳ ගැනීමට හැකිවීම පිළිබඳ හච් සමාගම සතුටු වන බවය.

“සම්පත් බැංකුව නිරන්තරයෙන් නවෝත්පාදන අදහස් සහ තාක්ෂණය හඳුන්වා දෙමින් පාරිභෝගිකයන්ගේ ජීවිත පහසු කිරීමට කටයුතු කරනවා. ජංගම දුරකථනය අද ජනතාවගේ ජීවිත තුළ නැතිවම බැරි මෙවලමක් බවට පත්ව ඇති නමුත් ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයකින් රීලෝඩ් කර ගැනීමට හැකි වීම පාරිභෝගිකයින්ට ඇති ඉමහත් පහසුකමකි. හච් වැනි ජංගම දුරකථන සබඳතා සමාගම් වෙත මෙම පහසුකම හඳුන්වා දීමට අප කටයුතු කළේ ඒ අනුවයි” යනුවෙන් සම්පත් බැංකුවේ ඉලෙක්ට්‍රොනික බැංකුකරණ ඒකකයේ ප්‍රධාන කළමනාකාර දුෂ්‍යන්ත දසනායක මහතා ප්‍රකාශ කළේය.

හච් ලංකා සමාගම එටිසලාට් පවරා ගැනීම සාර්ථකව නිමා කරමින් ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ස්ථාවරත්වය තහවුරු කරයි.

CK හච්සන් සමූහයේ (CKHH Group Hong Kong) අනුබද්ධිත හච්සන් ටෙලිකොමියුනිකේෂන් ලංකා ලිමිටඞ් (Hutch ලංකා) සමාගම විසින් එටිසලාට් ලංකා සමාගම ඒකාබද්ධ කරගනිමින් පවරා ගැනීම සාර්ථකව නිමා කළ බව නිවේදනය කරයි.

හොංකොං හි සමාගම් 500ක පදනමක් සහිත CK හච්සන් සමූහයට අනුබද්ධිත හච් ලංකා සමාගම 1997 වසරේදී ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කළේය.   CK  හචිසන් හෝල්ඩින්ග්ස් ලිමිටඞ්, හච් ලංකා සමාගමේ මව් සමාගම වන අතර එය ලොව පුරා ව්‍යාප්තව ඇති තාක්ෂණික නව්‍යකරණයට කැපවූ කීර්තිමත් බහුජාතික සමාගමකි.

මෙම පවරා ගැනීම මගින් වෙළඳපොල තත්වය වඩාත් ශක්තිමත් කර ගනිමින් හච් ලංකා සමාගම Hutch වෙළඳ නාමය යටතේ ඉදිරියටත් පවත්වාගෙන යනු ලබන අතර එටිසලාට් (Etisalat) වෙළඳ නාමය මෙරට ක්‍රියාත්මක වීම නිමාවට පත් කරයි.

මෙම ජාල දෙක ඒකාබද්ධ කිරීම හරහා ඒකාබද්ධ ව්‍යාපාරයේ 078 සහ 072 අංක මුලට යෙදෙන ග්‍රාමීය සහ නාගරික සෑම පාරිභෝගිකයෙකුටම උසස් ගුණාත්මක බවින් ඉහළ ආවරණය සහ ක්‍රියාකාරිත්වය මගින් සුපිරි සන්නිවේදන සේවා පහසුකම් සපයයි. හච් බස්නාහිර සහ නැගෙනහිර පළාත් තුළ 4G සේවාව දියත් කර ඇතග එය ඉදිරියේදී දේශී වශයෙන් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සිදු කරමින් ඇති අතර 072 භාවිත කරන පාරිභෝගිකයන්ටද එම සේවාව ඉදිරියේදී ලබා ගත හැකිය.

හච් සමාගමේ අනාගතය පිළිබඳව එහි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා (Thirukumar Nadarasa)  මහතා මෙසේ අදහස් දැක්වීය. “සියළුම 078 සහ 072 පාරිභෝගිකයන්ට ඉදිරියේදී දේශීය වශයෙන් ව්‍යාප්ත කෙරෙන අපගේ 2G /3G  ආවරණ පහසුකම් ලබා ගත හැකියි. මේ අතර පුළුල් බ්රෝඞ්බෑන්ඞ් ආවරණ සහ සේවා සපයනු ලබන අපගේ දියුණු 4G ජාලය අඛණ්ඩව පවත්වාගෙන යමින් ඉදිරියටත් වර්ධනය කරනු ලබනවා. වඩාත් ලාබදායි, ගුණාත්මක ජංගම දුරකථන සේවා ලබා දෙමින් වෙළඳපොල තුළ වඩාත් පුළුල් තෝරා ගැනීමක් අප වෙත හිමි කර ගැනීමට උත්සහ කරනවා. ඒ තුළින් අපට ශක්තිමත් වෙළඳපොළක් ඇතිකර ගැනීමට හැකියි”.

දැන් හච් 078 සහ 072 අංකවලට පොදු කාඩ්පතක්

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම වර්ධනයවන ජංගම දුරකථන සබඳතා සහකරුවෙකුවන හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ලංකා සමාගම විසින් මෑතකදී එටිසලාට් සමාගමේ මෙරට මෙහෙයුම් කටයුතු හිමිකර ගනු ලැබීමෙන් අනතුරුව 078 සහ 072 අංක හච් සන්නාමය යටතේ ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව 078 සහ 072 සියලු පාරිභෝගිකයන් හට පොදු සේවා හඳුන්වා දීමේ ක්‍රියාවලිය මේවන විට ආරම්භ කර ඇති අතර ඒ හරහා මෙරට වඩාත් ලාභදායී ම ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන් වෙත පිරිනැමීමට හච් සමාගම කටයුතු කරයි.

එම ප්‍රයත්නයේ තවත් එක් ඉදිරි පියවරක් තබමින් හච් සමාගම 078 සහ 072 පාරිභෝගිකයන් හට පහසුවෙන් ටොප් අප් කර ගැනීම සඳහා පොදු කාඩ්පතක් පසුගියදා වෙළඳපලට හඳුන්වා දුන්නේය.

දිවයින පුරා පිහිටි 75,000 කට අධික හච් සේවා ස්ථාන මගින් මෙම කාඩ්පත මිලදී ගත හැකිය.

තවද ජාල දෙක ඒකාබද්ධ කිරීමේ කටයුතු අවසන් වූ පසුව 078 සහ 072 පාරිභෝගිකයන් හට වඩාත් පුළුල් 2G/3G ආවරණයක් ද නවීනත ම තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු 4G ආවරණයක් ද අත්විඳීමට හැකිවනු ඇත. 4G ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් විසඳුම් මේවන විට ද බස්නාහිර පළාතට හඳුන්වා දී ඇති අතර එම ආවරණය නුදුරේදී ම දිවයින පුරා ව්‍යාප්ත කිරීමට හච් සමාගම කටයුතු කරමින් සිටී.

හච් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රතිග්‍රහණ සහ බෙදාහැරීම් අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී මෙල්රෝයි තෝමස් මහතා මෙම පොදු කාඩ්පත පිළිබඳ අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ, “මෙරට ශීඝ්‍රයෙන් ම ව්‍යාප්තවන ජංගම දුරකථන සබඳතා සහකරු ලෙස අප අපගේ ව්‍යාප්තවන 2G/3G ආවරණය සහ විකුණුම් බෙදාහැරීම් ජාලය සමගින් 078 සහ 072 පාරිභෝගිකයන් සඳහා වඩාත් පහසු සේවාවක් පිරිනැමීමට කටයුතු කරනවා. අපගේ නවත ම හඳුන්වාදීමවන පොදු කාඩ්පත ඕනෑම හච් සේවා ස්ථානයකින් ලබාගත හැකි බැවින් පාරිභෝගිකයන් හට කඩිනමින් සහ පහසුවෙන් ඕනෑම ස්ථානයකදී සිය දුරකථන ටොප් අප් කර ගත හැකියි” යනුවෙනි.