හච් විසින් කැවල්රි සුපර් ක්‍රොස් 2019 බල ගන්වයි

ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය (SLARDAR) හච් හා එක්ව සංවිධානය කරන ලද හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් 2019 තරඟ මාලාවේ තවත් එක් සුවිශේෂී තරඟාවලියක් වන කැවල්රි සුපර් ක්‍රොස් ධාවන තරඟ සඳහා හච් විසින් සිය අනුග්‍රහය දක්වා ඇත.  ශ‍්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකාය විසින් මෙහෙයවනු ලබන කැවල්රි සුපර් ක්‍රොස් ධාවන තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 09 වන වතාවටයි.

පසුගිය යුද සමයේදී සන්නාහ සන්නද්ධ බළකායේ සේවය කරමින් සිටියදී මිය ගිය සහ ආබාධිත තත්ත්වයට පත්වූ සෙබලුන්ගේ පවුල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මෙම තරඟාවලියෙන් ලැබෙන ආදායම බැර වෙන අතර මෙවර තරඟාවලිය සඳහා හච් සිය ප්‍රධාන අනුග්‍රහය දැක්වුයේ සිව්වන වතාවටයි.

මෙවර තරඟාවලිය කුරුණැගල පාන්ගොල්ල ධාවන පථයේදී සාර්ථක ලෙස නිමාවට පත් වුණු අතර තරඟාවලියේදී හච් සන්නාම තානාපති කුෂාන් පීරිස් විසින්  Cavalry Super Series 2019 SL-GT -Cars, 3500 සීසී කාණ්ඩය යටතේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඕනෑම දුරකථන ජාලයකට දුරකථන ඇමතුම්, SMS සහ Anytime Data සමඟින් හච් සුපර් 340 පැකේජය දියත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සබඳතා සහකරුවෙකු වන හච් ශ්‍රී ලංකා විසින් සිය පාරිභෝගිකයින්ගේ සන්නිවේදන අවශ්‍යතා අවම මාසික ගාස්තුවකින්  ආවරණය  කර ගත හැකි ආකාරයේ  පැකේජයක්  සුපර්  340 ලෙස හඳුන්වා දෙයි. නව පැකේජය අතිශයින් පහසු එකක් වීමට හේතුව නම්, ජාලගත ඕනෑම ඇමතුමක් මෙන්ම SMS කෝටාද, කාල සීමාවකිත් තොරව දවසේ  ඕනෑම වේලාවක භාවිතා කළ හැකි Data (Anytime Data)  හච් සුපර් 340 වෙතින් පිරි නැමීමයි.

“හච් සුපර් 340 මඟින් කිසිදු අවහිරතාවයකින් තොරව පාරිභෝගිකයින්ට සිය සන්නිවේදන අවශ්‍යතා ඉතා විශිෂ්ට ලෙස සිදු කිරීමට උපරිම නිදහස ලබා දෙනවා” යනුවෙන් හච් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ අලෙවි කළමණාකාර ඉරංග අමන්දකෝන් මහතා මෙම හඳුන්වා දීම පිළිබඳ අදහස් දක්වමින් පැවසිය.

හච් සුපර් 340 මඟින් මිනිත්තු 750 ක ජාලගත ඇමතුම්, මිනිත්තු 250 ක වෙනත් ජාලගත ඇමතුම්ද, ඕනෑම ජාලයක් සඳහා SMS 1000 ක් සහ ඕනෑම වේලාවක භාවිත කළ හැකි මාසයක් වලංගු 1GB data පිරිනමයි. ඕනෑම 078/072 පාරිභෝගිකයකුට රු. 340 ක රීලෝඩ් ගාස්තුවක් ගෙවා හෝ *340# Dial කර මෙම පැකේජය ක්‍රියාත්මක කර ගත හැකිය.

නවීතම 4G තාක්ෂණයද ඇතුළත්ව රට පුරා මහා පරිමාණ අන්තර්ජාල සැලසුම් හච් විසින් දියත් කරනු ලබන අතර, නිරන්තරයෙන් සුවිශාල අත්දැකීම් පිරිනමමින්ද, තත්ත්වයෙන් උසස් විශ්වාසවන්ත ජංගම දුරකතන තාක්ෂණයක් සපයමින්ද හච් නිරන්තරයෙන් පාරිභෝගික පහසුව සලසයි.

 

වලවේ සුපර් ක්‍රොස් සාර්ථකව අවසන් වෙයි

Hutch නිල දුරකතන සන්නිවේදන සහකරු ලෙසින් කටයුතු කරන “වලවේ සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගය” 2019 සැප්තැම්බර් 22 වැනිදා සාර්ථකව අවසන් විණි.උඩවලව සුපර්ක්‍රොස් ධාවන පථයේදී පැවැත්වුණු තරගය සංවිධානය කර තිබුණේ, ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය සහ මෝටර් රථ ධාවන සංගමය එක්වය. මෙම තරගය ප්‍රචලිතව ඇත්තේ, වසරක් පාසා පැවැත්වෙන වඩාත් ආස්වාදජනක තරගය ලෙසිනි. Hutch විකුණුම් සහ අලෙවිකරණ ප්‍රධානී රම්සීනා මොර්සත් ලායි, එම අවස්ථාවට සහභාගි වී ජයග්‍රාහකයින්ට සම්මාන හා සහතික පත් පිරි නමනු ලැබුවාය.

කටුකුරුන්ද මාණ්ඩලික තරග සාර්ථකව අවසන් වෙයි

හච් නිල දුරකතන සහකරුවා වශයෙන් කටයුතු කළ කටුකුරුන්ද මාණ්ඩලික තරග 2019 සැප්තැම්බර් 7 වැනිදා සාර්ථකව අවසන් කෙරිණි. කොළඹ මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය (CMSC) හාදිවයිනේ පැරණිතම හා පිළිගත් මෝටර් රථ ක්‍රීඩා සංගමය වන මෝටර් රථ ධාවකයින්ගේ හා යතුරුපැදි ධාවකයින්ගේ සංගමය(SLARDAR) එක්ව සංවිධානය කළ හච් සුපර් සීරීස් තරගාවලියේ තරග අංගයක් ලෙසින් එය පැවැත්විණි.

සුපර් සීරීස් තරගාවලිය වසරක් පාසා පැවැත්වෙන ආස්වාදජනක ධාවන තරගාවලි අතුරෙන් එකක් වශයෙන් ගණන් ගැනෙන්නා සේම, සේම එය පැවැත්වෙන දිනය මෝටර් රථ ධාවකයින්ගේ හා යතුරුපැදි ධාවකයින්ගේ සංගම් දින දර්ශනයෙහි වඩාත් බලාපොරොත්තු සහගත දිනයක් වශයෙන් සැලකේ. හච් විකුණුම් හා අලෙවිකරණ අංශ ප්‍රධානී රම්සීනා මොර්සත් ලායි ජයග්‍රාහකයන් හට සම්මාන පිරිනැමීමේ අවස්ථාවට සහභාගි වූවාය.

නිමක් නැති සබඳතාව වැඩි කිරීමට නව තාක්ෂණය පතුරමින් හච් නෙළුම් කුලුණ ආවරණය කරයි

කොළඹ අහස් කුසට විහිදුණු ගොඩනැගිලි අතර ඇදහිය නොහැකි සලකුණක් නිර්මාණය කරමින්, ශ්‍රි ලංකේය ඉතිහාසයේ නව පිටුවක් විවර කරමින් පිහිටුවන ලද නෙළුම් කුලුණ හච් නව තාක්ෂණයෙන් බල ගන්වයි. දීප ව්‍යාප්ත 4G සබඳතාව වර්ධනය කරමින් මෙම සුවිශේෂී ස්ථානයේ ඇතුළත සිට හච් සිය පාරිභෝගිකයින් වෙත රැහැන් රහිත 4G අත්දැකීමක් හා නිම නොවන සබඳතාවක් ලබා දෙයි.

කවදා කොතැන වුව, පාරිභෝගිකයින් වෙත ශක්තිමත් ජංගම දුරකතන ආවරණයක් හා රැහැන් රහිත සම්බන්ධතාවයක් ලබා දීමේ වැදගත්කම තේරුම් ගත් හච් ශ්‍රී ලංකා සමාගම, ශ්‍රි ලංකාවේ වේගයෙන් වර්ධනය වන ආවරණ ලැයිස්තුවට එක්වන නවතම ස්ථානය ලෙසින් නෙළුම් කුලුණ ඇතුළත් කර තිබේ.

නෙළුම් කුලුණේ වර්ධනය වුණු ආවරණ විසඳුම සමගින්, හච් පාරිභෝගිකයින් හට එනම්, නෙළුම් කුලුණේ අමුත්තන් ලෙසින් පැමිණෙන්නන් හෝ ස්ථිරව රැඳී සිටින කවරකුට වුවද, ගොඩනැගිල්ලේ පාදමේ සිට මුදුන දක්වා මෙන්ම, සෝපාන තුළ, නෙළුම් මලේ නාරටිය ලෙසින් දිස්වන කොටසෙහි ඇතුළත, ඉහළ මාලවල හෝ කුමන ස්ථානයක රැඳී සිටියද, වැඩි දියුණු වුණු ජංගම දුරකතන සම්බන්ධතාවයෙන් උද්දාමයට පත් වීමට හැකි වෙයි.

හච් මෙහෙයුම් හා සේවාවන් හි තත්ත්වයෙන් ක්‍රියාකාරිත්වය සහතික කරමින් හච්, බහුජාතික විදුලි සංදේශ පද්ධති සැපයුම්කරුවකු වන ZTE සමාගම මගින් සිය නවතම ප්‍රධාන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය (BTS) ව්‍යාප්ත කෙරිණි.

“නෙළුම් කුලුණ ඇතුළත සිටින හච් පාරිභෝගිකයින්හට ඉතා හොඳ ක්‍රියාකාරි දුරකතන  සම්බන්ධතාවක් අවශ්‍ය බව අපි තේරුම් ගෙන සිටිනවා. නව තාක්ෂණික උපාංග භාවිතය මගින්, අපගේ පාරිභෝගිකයින් හට ශක්තිමත් හා විශ්වාසනීය ලෙස, ඉහළම ආකාරයෙන් දුරකතන තාක්ෂණය ලබා දෙන බව අපි සහතික කර තිබෙනවා.“  හච් ශ්‍රී ලංකා ජාලයේ සාමාන්‍යාධිකාරී ධනන්ජය පොන්නම්පෙරුම සඳහන් කරයි.

උත්සවාකාරයෙන් විවෘත කෙරුණු නෙළුම් කුලුණ මීටර් 350 ක උසකින් යුතුව පිහිටන දකුණු ආසියාවේ විශාලතම කුලුණ ද වෙයි. එහි (ICT) සැලැස්ම සහතික කරන්නේ, ඩිජිටල් රූපවාහිනී, ගුවන් විදුලි ඇතුඵ විදුලි සංදේශ කාර්යයෙහි ලා තනි බෙදාහැරීම් මධ්‍යස්ථානයක් වශයෙන් නෙළුම් කුලුණ ක්‍රියා කරන බවයි. ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) එම දැක්ම සැබෑවක් කිරීම සඳහා විශාල කාර්ය භාරයක් ඉටු කළ අතර, විදුලි සංදේශ ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම තුළින් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමේ වෑයමෙහි කොටසක් ලෙසින් එම  ව්‍යාපෘතිය කළමණාකරණය කර තිබුණි.

 

56 වන යුද හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා ශූරතාවලිය හච් බල ගන්වයි

56 වන යුද හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා  ශූරතාවලිය- 2019, සඳහා හච් ප්‍රධාන අනුග්‍රහකයා ලෙස එක් වී ඇත. වසරේ දැවැන්තම ක්‍රීඩා ඉසව්වක් ලෙස යුද හමුදා ක්‍රීඩා ලෝලීන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති මෙම  තරඟාවලිය පසුගියදා සුගතදාස ක්‍රීඩාංගනයේදී උත්සවාකාරයෙන් අවසන් විය. මෙවර තරඟාවලියේ දී, ශ්‍රී  ලංකා යුද හමුදාවේ රෙජිමේන්තු 24ක්  නියෝජනය කරමින් තරුණ හා පළපුරුදු යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ  800 ක් පමණ සිය දක්ෂතා ප්‍රදර්ශනය කළහ. දින 3 ක් පුරා පැවති මෙම මළල ක්‍රීඩා තරඟාවලිය ජවන හා පිටිය ඉසව් රැසකින් සමන්විත විය. මෙම අවස්ථාව සඳහා ගරු  ආරාධිත අමුත්තන් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, හච්  ශ්‍රී  ලංකා ප්‍රධාන  විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා සහ හච් විකුණුම් සහ අලෙවිකරණ අංශ ප්‍රධානී රම්සීනා මොර්සත් ලායි මහත්මිය සහභාගී විය.

 

යුද හමුදා රග්බි කණ්ඩායමට හච් අනුග්‍රහය

ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස, හචිසන් ටෙලි කොමිනිකේෂන් ලංකා පුද්ගලික සමාගම (Hutchison Telecommunications (Pvt) Ltd) ශ්‍රී ලංකා යුද හමුදාව සමග අත්වැල් බැඳ ගනියි.

ශ්‍රී ලංකාව තුළ රග්බි ක්‍රීඩාව ශක්තිමත් කරන අතරතුර ශ්‍රි ලංකා යුද හමුදා රග්බි ක්‍රීඩකයන්ගේ දක්ෂතා  නඟා සිටුවීමේ පොදු අරමුණ ඇතිව හච් සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර ගිවිසුම් ගත එකඟතාවකට එළඹිණි. විවිධ සමාජ සත්කාර්යයන් සඳහා දායක වීමට හච් නිරතුරුවම විශාල උන්නදුවක් හා කැමැත්තක් දක්වන අතර ක්‍රීඩාව යනු හච් වසර පුරාම කැප වෙන ප්‍රධාන ක්ෂේත්‍රය ද වෙයි.

ඡායාරූපයේ විස්තර-

1 හචිසන් ටෙලිකොමියුනිකේෂන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා, ශ්‍රී ලංකා යුද හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී හා යුද හමුදා රග්බි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සමග එකඟතා ගිවිසුම හුවමාරු කර ගත් අවස්ථාව.

  1. (වමේ සිට) හචිසන් ටෙලිකොමියුනිකේෂන් පුද්ගලික සමාගමේ මහජන සම්බන්ධතා හා සහ- සන්නිවේදන අංශයේ කළමණාකාරිනී උදේනි රඹුක්වැල්ල,හචිසන් ටෙලිකොමියුනිකේෂන් පුද්ගලික සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ අංශ ප්‍රධානී රම්සීනා මොර්සත් ලායි,හචිසන් ටෙලිකොමියුනිකේෂන් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා,‍ශ්‍රී ලංකා යුද හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී හා යුද හමුදා රග්බි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, හචිසන් ටෙලිකොමියුනිකේෂන් පුද්ගලික සමාගමේ අලෙවි සන්නිවේදන ජ්‍යෙෂ්ඨ කළමණාකරු රජිව් ඩේවිඩ්, ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කමිටුවේ ලේකම් ලුතිනන් කර්නල් සමන්ත සමරසිංහ,ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කමිටුවේ සහකාර ලේකම්, කපිතාන් චිරාන් ලේකම්ගේ

 

හච් අලෙවි විශිෂ්ටයින් අගයයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සැපයුම්කරුවකු වන හච්, සිය අලෙවි ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීම සඳහා වන හච් Champion’s Challenge 2019 අති උත්කර්ෂවත් අන්දමින් නිමා කළේය.  මෙම උත්සවය පසුගියදා කොළඹ අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් හිදී පැවැත්විණ.

2019 වසරේ ඉලක්ක සම්පූර්ණ කරමින් ක්ෂේත්‍ර අළෙවි දක්ෂතා දැක්වූ නියෝජිත අලෙවි කණ්ඩායම් මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා 700 කට අධික හච් කාර්ය මණ්ඩලය සහ දිවයින පුරා අලෙවි නියෝජිතයින් සහ ඔවුන්ගේ සේවකයින් එක්ව සිටියහ. තවද හච් සහ එටිසලාට් ඒකාබද්ධ වීමෙන් පසුව ආයතන ද්විත්වයේම අළෙවි නියෝජිතයන් සහභාගී වූ ප්‍රථම ඇගයුම් වැඩසටහනද මෙය වීම සුවිශේෂී වේ.

මෙම ඇගයුම සඳහා දිවයිනේ සියලුම කලාපයන් ආවරණය වන අයුරින් මුල්‍ය වර්ෂයේ සෑම කර්තුවකටම අදාළව හොඳම දක්ෂතා දැක්වූවන් තෝරා ගන්නා ලදී . ඒ අනුව හොඳම අළෙවි නියෝජිතයාට හිමි සම්මානය කුරුණෑගල ICA කමියුනිකේෂන්හි ටී.එල්.අයි.ඩී. මධුශංක විසින් දිනාගත් අතර ඒ වෙනුවෙන් ඔහුට යමහා යතුරු පැදියක් හච් විසින් පිරිනැමිණ.  මෙම අංශයේම අනුශූරතාවය මාතර Unitel Lanka හි ටී. ප්‍රසාද් ජයසේකර විසින් දිනාගත් අතර පිළිවෙලින් කුරුණෑගල ICA කමියුනිකේෂන්හි පී.ඩී.එන් අබේරත්න, පී.ජි.වයි එම් රණසිංහ සහ එච්. එම් සෙනෙවිරත්න තෙවන, සිව්වන හා පස්වන ස්ථාන  දිනාගත්හ. තවද සමස්ථ කාර්යසාධනය නියෝජනය කරමින් විශිෂ්ටතම අළෙවි නියෝජිතයාට හිමි සම්මානය කුරුණෑගල ICA කමියුනිකේෂන්හි එච්. එම් සෙනෙවිරත්න විසින් දිනා ගත්හ.

මේ වන විටත් හච් හි ජාල ව්‍යාප්තිය  පුළුල් ලෙස ක්‍රියාත්මක  වෙමින් පවතින අතර ඒකාබද්ධ සේවාවන් මඟින් අළෙවිකරුවන්ට රට පුරා පුළුල් පරාසයක් තුල සිය සේවා ව්‍යාප්ත  කිරීමට අවස්ථාව උදා වනු ඇත. මෙම අවස්ථාව පිලිබඳ අදහස් දක්වමින්, හච් ශ්‍රී  ලංකා සමාගමේ විකුණුම් අංශයේ සාමාන්‍යාධිකාරි  මනෝජ් කුමාර් මෝසස් මහතා ප්‍රකාශ  කළේ ” හච් විසින් අනුගමනය කළ සාර්ථක ඒකාබද්ධ ප්‍රවේශය  සිය විකුණුම් කණ්ඩායම් සඳහා ඉදිරියේදී තව දුරටත් අභියෝගයන් ඇති කරනු ඇති බවයි. එම නිසාම මෙම වසරේ Champions Challenge ඉතා වැදගත් සහ සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි බවත්සිය පාරිභෝගිකයින්ට උසස් ගුණාත්මක සේවාවක් ලබා දීම  සඳහා සිය අළෙවි ජාලයේ කැපවීම සහ අධිෂ්ඨානය අඛණ්ඩව පවතිනු ඇති බවටත්  හෙතෙම විශ්වාස කරනවා” යනුවෙනි.

ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ චැලේන්ජ් සුපර්ක්‍රොස් 2019 සඳහා හච් සවිබලය

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම ව්‍යාප්තවන ජංගම දුරකථන සබඳතා සහකරුවන හච්, කමාන්ඩෝ චැලේන්ජ් සුපර්ක්‍රොස් 2019 සඳහා ප්‍රධාන අනුග්‍රාහක ලෙස අත්වැල් බැඳ ගත්තේය. එම තරගාවලිය අගෝස්තු මස 4 වනදා කුඩා ඔය ධාවන පථයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදිකරුවන්ගේ සංගමය (SLARDAR) සමග අත්වැල් බැඳ ගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන කමාන්ඩෝ චැලේන්ජ් සුපර්ක්‍රොස් තරගාවලිය මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයන් දෙපිරිසට ම විවෘත වේ.

 

හච් සන්නාම තානාපති ලෙස ධාවන ශූර කුෂාන් පීරිස් පත්වෙයි

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම ව්‍යාප්තවන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා සහකරුවන හච්, සිය සන්නාම තානාපති ලෙස තරුණ මෝටර් රථ ධාවන ශූර කුෂාන් පීරිස් පත්කර ඇත. මෙරට දැවැන්ත ම මෝටර් රථ ධාවන තරගාවලියවන “හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් 2019” සඳහා හච් සමාගම අනුග්‍රාහකත්වය ලබාදෙයි. මෙවර තරගාවලියේදී කුෂාන් පීරිස් වේගවත් ධාවන ඉසව්වක් වන SLGT කාණ්ඩය යටතේ තරග වදින අතර, ධාවන ශූරයන් රැසක් ශූරතාවලිය සඳහා උරෙනුර ගැටෙන තරගකාරිත්වයෙන් අනූන ක්‍රීඩා ඉසව්වක් බවට මෙරට තරගාවලිය ද පත්වනු ඇත. හචිසන් ටෙලිකමියුනිකේෂන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සහ හච් සන්නාම තානාපති කුෂාන් පීරිස් හච් සුපර් සීරීස් 2019 තරගාවලියට අදාළ අනුග්‍රාහක ගිවිසුම හුවමාරු කිරීමේ අවස්ථාව ඉහත ඡායාරූපයේ දැක්වේ.