හච් 4G සඳහා දැන් cliQapp

ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච් ටෙලිකොමියුනිකේෂන්, ජනප්‍රියcliQ appයෙදවුම තවදුරටත් වැඩි දියුණු කර යළි දියත් කර තිබේ. අංක078 සහ 072 හිමි හච් ග්‍රාහකයින් හට දැන් දැවැන්ත හා සමීප හච් 4Gජාලය තුළ අසීමිත අන්තර්ජාල අත්දැකීම රිසි සේ විඳ ගැනීමේ අවස්ථාව එමගින්පුළුල් වී තිබේ.

 හච් Cliq3Gයෙදවුම 2017 වසරේ පටන් ශ්‍රී ලංකාවෙහි පාරිභෝගිකයින් භාවිත කරන යෙදවුමක් වූ අතර, ඉකුත් වසරේ එටිසලාට් ශ්‍රී ලංකා සමාගම අත්පත් කර ගැනීමෙන් අනතුරුව, රටපුරාව්‍යාප්ත කෙරුණුහච්4Gජාලය හේතුවෙන් cliQයෙදවුම 072 හා 078 අංක දරන සෑම හච් ග්‍රාහකයකුටම භාවිත කිරීමේ හැකියාව ලැබිණි.

 cliQයනු පරිශීලකයින් හටඉතා පහසුවෙන් කාලය මත පදනම්ව අසීමිත අන්තර්ජාල පැකේජ මිලදී ගත හැකි  යෙදවුමකි. එමගින් MB හා GBඩේටා කෝටා වෙනුවට තෝරා ගත් කාල සීමාවන් සඳහා, අසීමිත අන්තර්ජාල ප්‍රවේශය සැලසේ. ඉන් අදහස් වන්නේ, හදිසියේ ඩේටා ඉවර වීම ගැන කරදර නොවී, සිය මනස නිරවුල්ව පවත්වා ගනිමින් රිසි සේ අන්තර්ජාලයේ සැරි සැරීම සඳහා පරිශීලකයින් හට ඉඩකඩ ඇති බවයි.

 සෑම හච් පෙර ගෙවුම් හා පසු ගෙවුම් පාරිභෝගිකයකු හටම, සිය 3G හෝ4G ස්මාර්ට් ජංගම දුරකතන මගින්, විනාඩි 30 සිට දින 30 ක් දක්වා කාල සීමාවක් තුළ අන්තර්ජාල සැලසුම් ගණනාවක්සපයමින් අසීමිත හා වඩාත් පහසු අන්තර්ජාල අත්දැකීමක් විඳ ගැනීමට cliQ යෙදවුම මගින් හැකියාව ලබා දෙයි.

“4G ජාලය කරා cliQ යෙදවුම තවදුරටත් වැඩි දියුණු කිරීමත් සමග ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ඩිජිටල් ජීවන රටාවට ගැලපෙනඅවශ්‍යතා සපුරාලීම සඳහා වඩාත් සමීප හා පහසු සබඳතාවක් ලබා දීම පිළිබඳ අපගේ පොරොන්දුව ඉටු කරලිමට හැකි වී තිබෙනවා.”සහකාර සාමාන්‍යාධිකාරී(ඩේටා වී.ඒ.එස් හා ඩිජිටල්)යර්තව් මාතියපරනම් මහතා සඳහන් කළේය.

හච්  cliQ app යෙදවුම Google PlaystoreහාHuawei AppGallery මගින්ද,ioSස්මාර්ට් ජංගම දුරකතන පරිශීලකයින්ට App Store වෙතින්ද බාගත කළ හැකිය.

 

 

 

 

හච්, රීචාර්ජ් කාඩ්පත් පාරිභෝගිකයින් හට බෙදා හැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව හා අත්වැල් බැඳ ගනියි

කොවිඩ්-19 වසංගත තත්ත්වය මැඩලීම සඳහා පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ ඉල්ලීම මත, තොරතුරු, ජනමාධ්‍ය හා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නව නිපැයුම් අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව, හච් පාරිභෝගිකයින් සඳහා රීචාර්ජ් කාඩ්පත් නිවෙස් වෙත බෙදා හැරීමේ වැඩපිළිවෙළක් වෙනුවෙන්හච්,‍ තැපැල් දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳ ගෙන තිබේ. ඒ අනුව රට පුරා තැපැල් ස්ථාන මගින්, හච් රීචාර්ජ් කාඩ්පත් සිය නිවෙස් වෙත ගෙන්වා ගැනීමේ පහසුකම ඉදිරියේදී හච් පාරිභෝගිකයින් හට හිමි වේ.

මෙම රීලෝඩ් කාඩ්පත් සේවාව, 078 හා 072 අංක භාවිත කරන පාරිභෝගිකයින් හට පිරිනැමෙන්නේ, මෙකී තීරණාත්මක කාල සීමාවේ අඛණ්ඩ සබඳතාව පවත්වා ගැනීම පිණිස වසරක් සඳහා වලංගු කාල සීමාවක්ද සමගිනි.

පාරිභෝගිකයින් හට ළඟම තැපැල් ස්ථානය හා සම්බන්ධ වී තැපැල් දෙපාර්තමේන්තුව මගින් දිවයින පුරා බෙදා හැරෙන ඖෂධ සමගම, රීචාර්ජ් කාඩ්පත්ද ලබා ගැනීමේ හැකියාව පවතී. ඉදිරියේදී රටපුරා තැපැල් ස්ථාන වැඩි ප්‍රමාණයක් මගින් හච් රීචාර්ජ් කාඩ්පත් ලබා ගැනීමේ හැකියාව පවතී. දිවයින පුරා තැපල් ස්ථාන උප තැපැල් ස්ථාන හරහා අංග සම්පූර්ණ බෙදා හැරීමේ ක්‍රමවේදයක් පසුව සකස් කිරීමටද නියමිතය.

හච් පාරිභෝගිකයින් හට නිවෙස්වල රැඳී සිටින කාල සීමාව තුළ රීචාර්ජ් කාඩ්පත් මිලදී ගැනීමේ පහසුව සලසමින්, දිවයින පුරා ප්‍රාදේශීය තැපැල් ස්ථාන 15 ක්, ප්‍රධාන තැපැල් ස්ථාන 653 ක් හා උප තැපැල් ස්ථාන 3410 ක් ආවරණය කරමින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙයි.

“වත්මන් තත්ත්වය හමුවේ පෙරමුණ ගන්නා සෞඛ්‍ය අංශ හා තැපැල් දෙපාර්තමේන්තුව වැනි රජයේ බලධාරීන්ගේ උපදෙස් අනුව ක්‍රියාවට නැංවෙන මෙම කටයුත්තට සම්බන්ධ වීම අපට ආඩම්බරයක්. වගකිව යුතු පෞද්ගලික ආයතනයක් ලෙසින්, මෙම අතිශය තීරණාත්මක කාල සීමාවේ රටේ සෑම ප්‍රදේශයකම සිටිනා අපගේ වටිනා පාරිභෝගිකයින් සන්නිවේදන අවශ්‍යතා අතින් බල ගැන්වීමට අපි මෙම කටයුත්තත් සමග සම්බන්ධ වී සිටිනවා. අපගේ පාරිභෝගිකයින් හට අඛණ්ඩව සම්බන්ධතාව ලබා දීමට අවස්ථාව සැලසීම පිළිබඳ තොරතුරු හා ජන සන්නිවේදන, උසස් අධ්‍යාපන,‍් තාක්ෂණ හා නව නිපැයුම් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට හා තැපැල් දෙපාර්තමේන්තුවට මාගේ කෘතඥතාවය පිරි නැමීමටත් මම කැමතියි. රට යථා තත්ත්වයට පත් වීමත් සමග මෙම අගනා කටයුත්තසමස්ත ශ්‍රී ලංකාවටම වඩාත් පහසු සේවාවක් ලෙසින් දිගටම පවත්වාගෙන යා හැකි බව අපට විශ්වාසයි.” හච් අලෙවි සාමාන්‍යාධිකාරී මනෝජ් කුමාර් මෝසෙස් සඳහන් කළේය.

කොව්ඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් නිවෙස්වල රැඳී සිටින කාල පරිච්ඡේදයේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, ඔසුසල හා එක්ව වට්ස්ඇප්, වයිබර් හා එම්. එම්. එස් මගින් ඇණවුම් කෙරෙන ඖෂධ නිවෙස්වලට බෙදා හැරීමේ ක්‍රම වේදයක් සකස් කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රටපුරා ඇති ඖෂධ හල් හඳුනා ගෙන ඇති අතර, www.health.gov.lk මගින් එම ඖෂධ හල් ලැයිස්තුව වෙත ප්‍රවේශ වීමට හැකිය.

තැපැල් දෙපාර්තමේන්තුව සමග ඇති කරගත් මෙම සුවිශේෂි සම්බන්ධතාවය හච් හි “Be. Anywhere” තේමා පාඨය තවදුරටත් ශක්තිමත් කරමින්, “දැවැන්ත හා සමීප” සබඳතාව තවදුරටත් රටපුරා ව්‍යාප්ත කරයි.

හච් පාරිභෝගිකයින්ගේ ඩේටා ගැටලුවට විසඳුමක් ලෙසින් 100% ක් ANYTIME DATA පිරි නමයි

පාරිභෝගිකයින්ගේ ඩේටා ගැටලුවට විසඳුමක් ලෙස, හච් වෙතින් දැන් උදේ සහ රාත්‍රී බෙදීමකින් තොරව දවසේ ඕනෑම වේලාවක භාවිතයට ගත හැකි 100 % ක් Anytime Data පිරි නැමීම ආරම්භ කළ බව දැනුම් දී තිබේ. ඒ අනුව, දිවා කාලය තුළ පමණක් භාවිතයට ගත හැකි Day Time Data අවසන් වීමෙන් පසු ඉතිරි වී ඇති Night Time Data ලබා ගැනීම සඳහා හච් පාරිභෝගිකයින්ට තව දුරටත් මධ්‍යම රාත්‍රිය තෙක් බලා සිටීමට සිදු නොවේ.

මෙම හච් Anytime Data වෙනස සමග, පෙර ගෙවුම් පාරිභෝගිකයින්ට සම්පූර්ණ ඩේටා ප්‍රමාණය වැය කරමින් දවසේ ඕනෑම කාල වේලාවක් තුළ නිදහසේ අන්තර්ජාලයේ සැරිසැරීමට දැන් අවස්ථාව සැලසී තිබේ.

මෙමගින් පාරිභෝගිකයින්ගේ අපේක්ෂාවන්ට සරිලන සේවාවක් ලබා දීමේ අඛණ්ඩ හච් වෑයමද, ගුණාත්මක භාවයෙන් ඉහළම සේවාවක් ලබා දීමට ඇති කැප වීමද යළිත් වරක් ප්‍රදර්ශනය කෙරේ.

ජංගම දුරකතන පාරිභෝගිකයින්ගේ ගැටලු සලකා, මෙම කටයුත්ත සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ක්ෂණික අනුමැතියද හිමි විණි.

078 හා 072 අංක සහිත සියලු 3G හා 4G හච් පාරිභෝගිකයින් හට දැන් *131# අංකනය කර මෙම පැකේජ සක්‍රිය කරගත හැකිය.

පාරිභෝගික පසුම්බියට වඩාත් හිතකර ක්‍රමවේදයකින් තවදුරටත් data සැලසුම් හඳුන්වා දීමේ හච් පොරොන්දුව තවදුරටත් තහවුරු කරමින්, අලුතෙන්ම හඳුන්වා දුන් හච් Any time Data සැලසුම්වලට රු.47 කට 600MB ක්, රු. 97 කට 1.3GB ක්, හා රු. 197 කට 3GB,‍් රු.297 කට 4.7 GB‍්, රු. 497 කට 8.2GB ක්,‍් රු. 647 කට 12GB ක් හා රු. 997 කට 20GB ක් දක්වා පැකේජ ඇතුළත් වේ.

“සමාජ වගකීමෙන් කටයුතු කරන සංවේදී සමාගමක් ලෙසින් හච් හැමවිටම පාරිභෝගිකයින්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දීමට කටයුතු කරනවා. ඔවුන්ගේ ගැටලු හඳුනා ගැනීම හා එම අවශ්‍යතා සපුරාලීම හච් හි ජීවන ක්‍රමවේදයයි. සෑම ශ්‍රී ලාංකිකයකුගේම ඩේටා ගැටලු සම්බන්ධයෙන් අපි සැලකිල්ලක් දක්වා තිබෙනවා, ඒ වගේම ඔවුන් තවදුරටත්  දිවා/රාත්‍රී ඩේටා දීමනා පිළිබඳවත්, නයිට් ටයිම් ඩේටා අපතේ යාම පිළිබඳවත් කණගාටුවට පත් විය යුතු නැහැ. නව 100%  Anytime Data පැකේජ ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන අපගේ පාරිභෝගිකයින්ට සුවිශාල සහනයක්, සැනසිල්ලක් මෙන්ම පහසුවක් සලසන බවට අපට විශ්වාසයි.” හච් ප්‍රධාන අලෙවි නිලධාරිනී රම්සීනා මෝර්සෙත් ලායි සඳහන් කළාය.

ශ්‍රී ලංකාව COVID – 19 අභියෝගට මුහුණ දෙමින් සිටින අතරතුර පාරිභෝගිකයින්  හට පිදෙන තවත් සහනදායී වැඩපිළිවෙළක් වශයෙන් මෙය ක්‍රියාවට නැංවේ. Anytime Data පැකේජ මගින් Day Time ඩේටා අවසන් වූ පසු ඉතිරිව පවතින Night Time ඩේටා සඳහා ප්‍රවේශ වීමට නොහැකි වීම පිළිබඳව කණගාටුවට පත් නොවී, රටෙහි පවතින වත්මන් තත්ත්වය හමුවේ යාවත්කාලීන වීමට, සිය ආදරණීයයන් හා සම්බන්ධ වීමට මෙන්ම නිවෙස්වල සිට වැඩකටයුතු කිරීමට පාරිභෝගිකයින් හට සහය සැලසේ.

එමෙන්ම, රු. 15  දෛනික සහන රීලෝඩ් දීමනාවද 2020 අප්‍රේල් මස 7 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව හච් දැනුම් දී තිබේ. නිවෙස්වල සිට සේවය කරන මෙම කාල සීමාව තුළ එකී දීමනාව, ඇමතුම්  සඳහා මුදල් නොමැති 078 හා 072 හච් අංක භාවිත කරන හච් පෙරගෙවුම් පාරිභෝගිකයින් සඳහා ලබා දේ. එම සහන රීලෝඩ් දීමනාව Anytime Data, ජාලගත ඇමතුම් මෙන්ම ඕනෑම ජාලයකට කෙටි පණිවිඩ යැවීම සඳහා භාවිත කළ හැකි වේ. 500,000 කට අධික පාරිභෝගික පිරිසක් මේ වන විට සිය සම්බන්ධතාව පවත්වා ගනිමින් මෙම සහන දීමනාව ලබා ගන්නා බව හච් සාඩම්බරයෙන් දැනුම් දෙයි.

හච් වෙතින්, COVID 19 නිසා පීඩාවට පත් රටපුරා පාරිභෝගිකයින්ට දිනපතා සහන රීලෝඩ් දීමනාවක්

පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරු කැප වීමෙන් කටයුතු කරන හච්, ශ්‍රී ලංකාව COVID 19 වෛරසයේ අවදානමට ලක්ව තිබෙන මෙවන් අවස්ථාවක, ස්වකීය පාරිභෝගිකයින් හට අඛණ්ඩ සන්නිවේදන සබඳතාව පවත්වා ගැනීම පහසු කරලීම පිණිස තවත් වැඩසටහනක් දියත් කර ඇති බව අද දින දැනුම් දුනි.

එම නවතම වැඩසටහන මගින්, ඇමතුම් ලබා ගැනීම සඳහා දුරකතනයේ මුදල් නොමැති 078 හා 072 හච් අංක ඇති පාරිභෝගිකයන් වෙනුවෙන් සහන රීලෝඩ් දීමනාවක් පිරි නැමීමට කටයුතු කෙරේ. මෙම සහන රීලෝඩ් දීමනාව එනිටයිම් ඩේටා, ජාලගත ඇමතුම් හා එස්. එම්. එස්. සඳහා භාවිතා කිරීමේ හැකියාව පවතී.

ශ්‍රී ලංකාවේ COVID 19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් රට පුරා ඇඳිරි නීතිය පැනවීමත් සමග බොහෝ පාරිභෝගිකයෝ සිය දුරකතන ගිණුම් සඳහා රීලෝඩ් කර ගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිති. සියලු හච් පෙර ගෙවුම් පාරිභෝගිකයින් හට මෙම කාලය තුළ අඛණ්ඩ දුරකතන සබඳතාව පවත්වා ගැනීම පිණිස මෙම අතුරු දීමනාව හච් වෙතින් පිරි නැමෙයි. *288# අංකනය කිරීමෙන් පාරිභෝගිකයින් හට මෙම සහන රීලෝඩ් දීමනාව ලබා ගත හැකි වන අතර, එය 2020 මාර්තු 26 වැනිදා සිට 2020 මාර්තු 31 වැනිදා දක්වා වලංගු වේ.

“අපගේ බොහෝ පාරිභෝගිකයින්ට තමන්ගේ දුරකතනවලට සුපුරුදු ආකාරයට මුදල් රීලෝඩ් කර ගැනීමට හෝ අන්තර්ජාලය මගින් රීලෝඩ් කිරීමට හැකියාවක් නැති බව අපිට වැටහෙනවා. මෙම සහන රීලෝඩ් දිමනාව පාරිභෝගිකයින් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ පිරි නැමෙන දීමනාවක්. එය ණය මුදලක් නොවන නිසා, නැවත ගෙවීමක් ගැන පාරිභෝගිකයින් කණගාටු විය යුතු නැහැ. සිය නිවෙස්වල ආරක්ෂිතව සිටින අතරතුර, සිදුවන දේ පිළිබඳව දැනුවත් වී සිටීම සඳහා අවහිරයකින් තොරව සම්බන්ධතාවය පවත්වා ගැනීමට මෙම ප්‍රතිලාභය මගින් අපගේ පාරිභෝගිකයින් හට අවස්ථාව සැලසෙන බවට අපි විශ්වාස කරනවා. ඒ වගේම, මෙම වැඩපිළිවෙල වෙනුවෙන් ක්ෂණිකව සහය දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසම වෙත මගේ ස්තුතිය පිරි නැමීමටත් මම කැමතියි.” හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා සඳහන් කළේය.

එමෙන්ම හච් මේ වන විටත් ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසම සමග සම්බන්ධ වී, සිය පාරිභොගිකයින්ට COVID 19 වෛරසය පැරදවීම සඳහා ශක්තිමත්ව හා ආරක්ෂිතව සිටීම දිරිමත් කරමින්, ‘Work from Home’ තේමාව යටතේ, අසීමිත අන්තර්ජාල පහසුකම් හා UTube පැකේජ, එනිටයිම් ඩේටා පැකේජ, දුරකතන ඇමතුම් සඳහා වැඩි කළ ණය මුදල්, මුදල් ගෙවීමේ විකල්ප විද්‍යුත් චැනල, OTT පදනම් කර ගත් නවතම පාරිභෝගික සේවා චැනල මෙන්ම, විශ්ව විද්‍යාල සිසුන්ට eLearn සේවාව සඳහා නොමිලේ ප්‍රවේශ වීමේ පහසුකමද ඇතුළත්ව පහසු හා කාලීන වැඩසටහන් ගණනාවක්ම ක්‍රියාත්මක කර තිබේ. ‘Work from Home’ වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු www.hutch.lk වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් ලබා ගත හැකිය.

හච්, සිය පාරිභෝගිකයින් හට නිවසේ සිට කාර්යාල කටයුතු කිරීමේ පහසුව සලසමින් රජයේ වැඩපිළිවෙළට සහයෝගය දක්වයි

COVID-19 වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා නිවෙස්වල සිට කාර්යාල කටයුතු කිරීමට පොළඹවමින් ජනතාව හුදෙකලා කිරීමේ වැදගත්කම රජය විසින් හඳුනාගෙන තිබේ.

අද දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හච්, සිය පාරිභෝගිකයින් දැනුවත්ව තැබීමට මෙන්ම ඔවුන්ට නිවසේ සිට කාර්යාල කටයුතු පවත්වාගෙන යාමටද අවශ්‍ය සම්බන්ධතාවය දිගටම ලබා දීමට වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාත්මක කරමින් තමන් මෙම රජයේ වැඩපිළිවෙලට සතුටින් සහයෝගය දක්වන බව සඳහන් කරයි.

මෙම වැඩපිළිවෙලෙහි පළමුවැන්න වශයෙන්, හච් සිය ග්‍රාහකයින්ට නිවෙස්වලින් බැහැර නොවී ජංගම සේවාවන්හි සහය ලබා ගැනීම සඳහා ජංගම දුරකතන ඇමතුම් සඳහා ණය මුදලක් පිරි නැමෙයි. අන්තර්ජාලය මගින් ජංගම දුරකතන සම්බන්ධතාව සඳහා මුදල් ගෙවීමට හච් වෙබ් අඩවිය ඔස්සේද, Hutch Self Care app මගින්ද පහසුකම සලසා ඇති අතර, හච් පාරිභෝගිකයින් සඳහා පිරිනැමෙන ඇමතුම් ණය මුදලද වැඩි කර තිබේ. https://online.hutch.lk/hopp/ යන හච් වෙබ් අඩවිය ඔස්සේ රීලෝඩ් හා බිල්පත් මගින් කෙරෙන සෑම මුදල් ගෙවීමක් සඳහාම, 10% ක බෝනස් දීමනාවක් ද පිරිනැමීමට කටයුතු කරමින් සිය ග්‍රාහකයින් දිරිමත් කිරීමටද හච් කටයුතු කරයි. මෙම දීමනාව, 2020 මාර්තු 31 දක්වා සෑම පෙර ගෙවුම් හා පසු ගෙවුම් පාරිභෝගිකයකු හටම ලබා ගත හැකිය.

දෙවන්න වශයෙන්, සුපුරුදු හච් ඇමතුම් මධ්‍යස්ථාන නිලධාරීන් එම මධ්‍යස්ථාන හරහා පාර්භෝගිකයින් වෙත සම්බන්ධ වීම අවහිර වී ඇති අවස්ථාවක, විමසීම් සඳහා ක්ෂණික ප්‍රතිචාර ලැබෙන පරිදි, Whatsapp, Viber, SMS හා Email මගින් සිය හච් නියෝජිතයකු සම්බන්ධ කරගැනීමටද පාරිභෝගිකයින් හට අවස්ථාව සලසා තිබේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම (TRCSL) සමග සම්බන්ධව, සිය පාරිභෝගිකයින් හට නිරතුරුවම සම්බන්ධතාවය පවත්වා ගත හැකි පරිදි නවතම ක්‍රමවේද ගණනාවක්ද හච් විසින් ප්‍රවර්ධනය කර තිබේ. CliQ 3G, අසීමිත අන්තර්ජාල සබඳතාව ලබා දෙමින්, 25% ක වට්ටම්ද සමගින් හච් වෙතින් පිරි නැමේ. දින 30 ක් සඳහා අසීමිත YouTube සබඳතාවද හච් පාරිභෝගිකයින් හට පිරිනැමෙන අතර, එමගින් ඩේටා පිළිබඳ තැකීමක් නොකර පවුලේ සියල්ලන් හට අධ්‍යාපනය හා විනෝදාස්වාදය ලබා ගැනීමට හැකියාව ලැබේ. පාරිභෝගිකයින්ට උපරිම ඩේටා වටිනාකමක් හා පහසුවක් සැලසෙන 100% Anytime Data පැකේජ මුල් වරට පිරි නමා ඇත්තේද හච් වීම විශේෂත්වයකි.

එමෙන්ම, විශ්ව විද්‍යාල සිසුන්ට නිවෙස්වල සිටම සිය අධ්‍යාපන කටයුතු කර ගැනීමට අවස්ථාව සලසමින්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම හා එක්ව හච්, සියලුම විශ්ව විද්‍යාල  සිසුන්ට අන්තර්ජාලය ඔස්සේ ඉගෙනීමේ කටයුතු කරගැනීමට eLearn පහසුකම් සඳහා නොමිලේ ප්‍රවේශ වීමටද ඉඩකඩ සලසා තිබේ.

“දීප ව්‍යාප්ත 4G ආවරණයෙන් යුත් නවතම දැවැන්ත හා සමීප හච් ජාලය සමගින්, COVID-19 වෛරසය ජය ගැනීමේ රජයේ වැඩපිළිවෙළට සහය දැක්වීම අපට ආඩම්බරයට කරුණක්. ඒ වගේම, මෙම අසීරු කාල පරිච්ඡේදය තුළ, සමාජයේ විවිධ පාර්ශවයන්ගේ සන්නිවේදන අවශ්‍යතා හඳුනාගනිමින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම (TRCSL) ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂයෙන් අපගේ ප්‍රශංසාව පුද කිරීමටත් කැමතියි ” හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා සඳහන් කළේය.

 

දීප ව්‍යාප්ත “Be. Anywhere.” දීමනාව පිරි නමමින් හච් තවදුරටත් වේගවත් වෙයි

ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට හච් පිරිනමන, නවතම වටිනා දීමනාව වන “Be. Anywhere.” සැලැස්ම ස්වකීය කාර්ය මණ්ඩලයට හඳුන්වා දීම සඳහා හච් විසින් පසුගියදා වැඩසටහනක් සංවිධානය කෙරිණි. හච් දිවයින පුරා ගෙන ගිය සම්පූර්ණ ජාල ආවරණය මගින් අසීමිත සම්බන්ධතාවයක් පිරි නමමින්, මේ වන විට කොතෙක් දුරට ‘දැවැන්ත හා සමීප  ̓ ජාල සැපයුම්කරුවකු බවට පරිවර්තනය වී ඇත්දැයි යන්න පෙන්නුම් කර තිබේ. රටපුරා  2G හා 3G ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින්ද, නවතම 4G ජාලය පිහිටුවමින්ද,‍් එමගින් රටේ කොතැනක සිට වුව, හච් පිරි නමන සුවිශේෂී දීමනා සඳහා ප්‍රවේශ වීමට ස්වකීය පාරිභෝගිකයින් බල ගන්වමින් හච් මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ම ආවරණය කරමින් 95% ක ආවරණයක් සපයා තිබේ. සමස්ත ක්‍රියාවලිය, හච් ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වය සමග එහි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි. දිවයින පුරා ව්‍යාප්ත එහි නවතම 4G ජාලය සමග පාරිභෝගිකයින්ට පහසු, විශේෂයෙන් සැලසුම් කළ නව්‍යතම නිෂ්පාදන හා සේවා ඇතුළත් තෝරා ගැනීමක් සඳහා හච් දැන් ශක්තිමත් පදනමක් දමා තිබේ. ස්වකීය කාර්ය මණ්ඩලය අරමුණු කර ගනිමින් පැවැත්වුණු වැඩසටහන, මාස 12 ක් ඇතුළත සමාගමේ ඉලක්කය වෙත ළඟා වීම පිළිබඳ සන්නිවේදනය කරමින් පවත්වන ලද්දකි. එය, ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රමුඛ පෙළේ දුරකතන සන්නිවේදන සේවා සැපයුම්කරුවකු ලෙසින්, හච් හි ඉදිරි සැලසුම් පිළිබඳව එහි කාර්ය මණ්ඩලයට අවබෝධයක් ලබා ගැනීමටත් එම සැලසුම් සමග ඉදිරියේදී ඔවුන්ට සම්බන්ධ වීමටත් අවස්ථාව සලසමින් පැවැත්වුණු සාර්ථක වැඩසටහනක් විණි.

හච් මුළු දිවයිනම 4G තාක්ෂණයෙන් බල ගන්වයි

2018 වසරේදී එටිසලාට් ලංකා (පුද්ගලික) සමාගම සතු කොටස් අත්පත් කර ගැනීමෙන් සුවිශාල ජයග්‍රහණයක් ලැබූ හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පුද්ගලික) සමාගම, පද්ධති ගණනාවක් මගින්, වඩාත් උසස් ජාල පද්ධතියක් වෙතට පාරිභෝගිකයින් යොමු කරමින්, හච් හා එටිසලාට් ජාල ද්විත්වය ඒකාබද්ධ කිරීමේ කර්තව්‍යය සාර්ථකව සම්පූර්ණ කළ බව පසුගියදා දැනුම් දුනි.

ජාත්‍යන්තර සන්නිවේදන දැවැන්තයා වන, CK හචිසන් හෝල්ඩින්ග්ස් අනුබද්ධිත හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ලංකා හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුම් දුන්නේ, දැවැන්ත ජාල ඒකාබද්ධ වීම මගින් දැන් රටපුරාම පාරිභෝගිකයින්ට සුවිශාලතම හා හොඳම 2G, 3G හා 4G සේවාවක් ලබා දිය හැකි බවයි. ශ්‍රී ලංකාවෙහි 4G ජාල ආවරණය සම්පූර්ණ කරමින් සමාගම එහි නවතම තේමා පාඨය “Be. Anywhere” යනුවෙන් නවතම මුහුණුවරකින් එළි දක්වා තිබේ.

මෙම ජාල ද්විත්වය ඒකාබද්ධ කරමින් කරන ලද වැඩි දියුණු කිරීම මගින් 12000 කට අධික ග්‍රාම නිලධාරී කොට්ඨාශ ප්‍රමාණයක මිලියන ගණනක් වන පාරිභෝගිකයින්ට සම්බන්ධතාව ලබා දෙන අතර, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය කෙරෙමින් 95% ක තරම් සුවිශාල ජාල ආවරණයක් සැපයේ. රටපුරා ස්ථාන 3500 කට වැඩි ප්‍රමාණයක් ඒකාබද්ධ කිරීම අරඹමින් 4G ජාල ව්‍යාප්ත කිරීම ඉතා සංකීර්ණ කටයුත්තක් බවට පත් විය. ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන් 400 කට වැඩි පිරිසක්, තාක්ෂණික සහායක කාර්ය මණ්ඩලය මෙන්ම, රටවල් කිහිපයකින්ම පැමිණි විදෙස් විශේෂඥයෝද, වාර්තාගත මාස 12 කාලයකින් එම කටයුත්ත සම්පූර්ණ කර ගැනීම සඳහා සිය දැනුම හා හැකියාව ලබා දී තිබිණි. මෙම කර්තව්‍ය යෙහි එක් ප්‍රතිඵලයක් ලෙසින්, සමාගමෙහි හඬ, දත්ත හා අනෙකුත් සේවා වඩාත් පහසු මිල ගණන් යටතේ ලබා දීමට සැලසුම් කර ඇත.

“හච් හා එටිසලාට් ජාල දෙක ඒකාබද්ධ කිරීමේ කටයුත්ත 100% ක් සාර්ථක වූ බව ඉතා සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. පසුගිය වසරේ පැවති අයහපත් වාතාවරණය නොකතා, මෙවැනි භාරදූර කාර්යයක් සැලසුම් ගත කාලයකින් නිම කළ අපේ ඉංජිනේරු හා තාක්ෂණික කණ්ඩායම් පිළිබඳව අපි ආඩම්බරයට පත් වෙනවා. දීප ව්‍යාප්ත 4G ආවරණය සම්පූර්ණ කිරීම තුළින් හච් ක්ෂේත්‍රයේ ඉදිරියට ගෙන ඒමට හැකි වූ අතරම, ශ්‍රී ලාංකීය වෙළෙඳ පොළේ සෑම කොටසකටම සේවා ලබා දීමේ අපගේ උත්සාහය පිළිබඳව එය හොඳම සාක්ෂියක් වනු ඇත. මෙම නවතම 4G තාක්ෂණය මගින් සැලසෙන ප්‍රතිලාභ නිසා ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමටත් අවස්ථාව උදා වෙනවා.” ජාල ද්විත්වය සම්බන්ධ කිරීමෙන් ලද විජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා සඳහන් කළේය.

මෙම ආයෝජනයෙහි එක් ප්‍රතිඵලයක් ලෙසින් හච් මේ වන විට, රට පුරා වඩාත් උසස්  4G ආවරණ ජාලයක් සවි කිරීමේ කටයුතු සම්පූර්ණ කර තිබේ. ඊට අමතරව, පාරිභෝගික පහසුවට සරිලන අන්දමින් විවිධ නිෂ්පාදන හා සේවා ලබා දෙමින්, පසු හා පෙර ගෙවුම් බිල්පත් නිකුත් කිරීම සඳහා එකම ක්‍රමයක් භාවිත කෙරෙන, ලොව වඩාත් දියුණු Converged Billing Systems (CvBS) වෙතද සමාගම යොමු වී තිබේ. ශ්‍රී ලංකාව තුළ සිය සේවාව අලුත් කිරීමේ හා ව්‍යාප්ත කිරීමේ මෙම ආයෝජනයෙහි එක් ප්‍රතිඵලයක් වශයෙන්, හච් පාරිභෝගිකයින් හට අති නවීනතම ඩිජිටල් තාක්ෂණය මෙන්ම අනෙකුත් තාක්ෂණික නිෂ්පාදන හා සේවාද බලාපොරොත්තු විය හැකිය.

 

හච් 4G ජාලය මගින් සැලසෙන වාසි

රට පුරා සිදු කෙරුණු 4G ආවරණය මගින්, පාරිභෝගිකයින්ගේ ජීවිතවල සෑම පියවරක් සමගම තාක්ෂණය එක් කිරීමේ හා සමස්ත ශ්‍රී ලංකාවටම සන්නිවේදන සේවා පහසු මිලකට ලබා දීමේ සිය මෙහෙවර වෙනුවෙන් හච් දැවැන්ත පියවරක් ඉදිරියට තබා තිබේ. රටපුරා පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට උසස්ම තාක්ෂණය ලබා දීම මගින් ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවිය හැකි බව හච් විශ්වාස කරයි.  4G මගින් ඉතා හොඳ සන්නිවේදන අත්දැකීමක් ලබා දෙන අතර,  හච් පාරිභෝගිකයින්ට විඩීයෝ හා  වීඩියෝ ක්‍රීඩා ඉතා කඩිනමින් හා පහසුවෙන් ඩවුන්ලෝඩ් කළ හැකි වේ. වත්මන් හච් පාරිභෝගිකයින්ට කිසිදු ගෙවීමකින් තොරව පවත්නා අංකයම නව 4G අංකයක් ලෙසින් මාරු කර ගත හැකි අතර, නව 4G සිම්පත් අන්තර්ජාලය මගින් හා ප්‍රදර්ශනාගාර වෙතින් ලබා ගැනීමේ හැකියාව පවතී. එසේත් නැතිනම් 1788 ඩයල් කර නිවසටම ගෙන්වා ගැනීමටද අවස්ථාව සලසා තිබේ. එමෙන්ම, පහසු මිලට පවතින 3G හච් දත්ත පැකේජයම, 4G ජාලය සඳහාද භාවිතා කළ හැකිය.

 

 

හච්, ත්‍රෛ භාෂා සෙල්ෆ් කෙයාර් ඇප් සමග ඉහළම ඩිජිටල් අත්දැකීමක්

ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක 4G ජාල ආවරණයෙන් හා එටිසලාට් හවුල්කාරිත්වයෙන් යුතුව පිදෙන 2G/3G ජාල ආවරණයත් සමග පාරිභෝගිකයින් වෙත අසම සම සේවාවක් පිරි නමන හච්, සිය නවතම සෙල්ෆ් කෙයාර් ඇප් (යෙදවුම) නිකුත් කරමින්, මේ වන විට 078 හා 072 යන හච් අංක භාවිත කරන සිය පාරිභෝගිකයින් හට සම්පූර්ණ ඩිජිටල් අත්දැකීමක් හිමි කර දී තිබේ.

හච් පාරිභෝගිකයින් වෙනුවෙන් පිරි නමන වටිනා සේවාවන් අතර, එක් යෙදවුමකින් සියලු අත්‍යවශ්‍ය සේවාවන් 400 කට අධික ප්‍රමාණයක් ලබා ගැනීමට ඉඩකඩ සලසන ක්ෂේත්‍රයේ එකම ත්‍රෛ භාෂා යෙදවුම වශයෙන්, සෙල්ෆ් කෙයාර් ඇප් ඉදිරිපත් කිරීමට හැකි වීම පිළිබඳව හච් ආඩම්බරයට පත් වෙයි.

“මෙම යෙදවුම මගින් අපගේ පාරිභෝගිකයින් හට පිරි නැමෙන ප්‍රධානම වාසි හැටියට එහි සරල බව හා විනිවිද පෙනෙන බව වගේම, එය භාවිතා කිරීමට දත්ත වැය නොවීම සඳහන් කරන්න පුළුවන්. මෙම යෙදවුම නිර්මාණය කිරීමේදී, එමගින් සේවාවන් ලබා ගැනීමේ පහසුව, ඩේටා වැය වීමේ විනිවිද භාවය, ඉතිරි මුදල් ප්‍රමාණය දැන ගැනීම, ආදී කරුණුවලට වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඊට අමතරව, බොත්තමක් ඔබන ප්‍රමාදයෙන් තොරතුරු හා සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය කරන අපගේ කාර්ය බහුල පාරිභෝගිකයින්ගේ එම අවශ්‍යතාවය මෙම යෙදවුම මගින් අවම පියවර කිහිපයකින් හා සැහැල්ලු සේවාවකින් ඉටු කර දෙනවා. හච් සෙල්ෆ් කෙයාර් ඇප් මගින් දැන් අපගේ පාරිභෝගිකයින්ට තමන්ගේ ප්‍රියතම හච් නිෂ්පාදන සමග පහසුවෙන් සම්බන්ධ වීමට පුළුවන්” හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පුද්ගලික) සමාගමේ දත්ත, වී.ඒ.එස් හා ඩිජිටල් සහකාර සාමාන්‍යාධිකාරී යාර්තව් මාතියපරනම් සඳහන් කරයි.

හච් සෙල්ෆ් කෙයාර් ඇප් මේ වන විට Apple App Store හා Google Play Store හරහා ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව පවතී. යෙදවුම ජංගම දුරකතනයට ඉන්ස්ටෝල් කර ගැනීමෙන් අනතුරුව, තම දුරකතන අංකය ඇතුළත් කිරීමේ හා රසහ්‍ය අංකය ඇතුළත් කීරීමේ පියවර දෙකකින් පසු, පහසුවෙන් ඊට ලියාපදිංචි වීමේ හැකියාවද පවතී.

 

2019 විදුලි සංදේශ ක්‍රිකට් ශූරතාවයේ කිරුළ දිනූ හච් ශූරයින්

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම (TRCSL) මගින් සංවිධානය කළ, 2019 විදුලි සංදේශ ක්‍රිකට් තරඟාවලිය පසුගියදා කොළඹ 07, එන්. සී. සී ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහි ශූරතාවය දිනා ගැනීමට හච් සමත් විය. විදුලි සංදේශ ක්ෂේත්‍රයේ කණ්ඩායම් අටක් අතරෙහි පැවති තියුණු තරඟාවලියකින් අනතුරුව, හච් ටෙලිකොමියුනිකේෂන් කණ්ඩායම කිරුළ දිනා ගත්තේය. විදුලි සංදේශ නියාමන කොමිසමේ, අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එම අවස්ථාවට සහභාගි විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායමට හච් අනුග්‍රහය දක්වයි

හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා පුද්ගලික සමාගම, ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් ගුවන් හමුදාව සමග අත්වැල් බැඳ ගනියි.

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ශක්තිමත් කරන අතරෙහි, ගුවන් හමුදා රග්බි ක්‍රීඩකයන්ගේ දක්ෂතා නගා සිටුවීමේ දෙපාර්ශවයේම පොදු අරමුණ පෙරදැරිව, මෙම ගිවිසුම්ගත එකඟතාවයට එළඹී තිබුණි. විවිධ සමාජ ක්ෂේත්‍ර කෙරෙහි සහය දැක්වීමේ සුවිශාල උනන්දුවක් හා කැමැත්තක් පෙන්නුම් කර ඇති හච්, වසර පුරාම නියැළි සිටින ප්‍රධාන ක්ෂේත්‍රයද ක්‍රීඩාව වෙයි.