අන්ර්ජාලය සැබැවින්ම ඔබේ දරුවාට ආරක්ෂිත තැනක්ද ?

අන්තර්ජාලය පිළිබඳ දැනුවත් වැඩිහිටියෙක් වශයෙන් ඔබ එහි අඳුරු පැතිකඩ සහ විශේෂයෙන්ම දරුවන්ට ඇති අවදානම පිළිබඳව දැනුවත් බවට සැකයක් නැත.

අසභ්‍ය සහ ප්‍රචණ්ඩ අන්තර්ගතයන්, ළමුන් ලෙස පෙනී සිටිමින් පෞද්ගලික තොරතුරු ලබාගෙන ඔබේ දරුවාට හානි කිරීමට උත්සාහ කරන වංචනික වැඩිහිටියන්, විවිධ යෙදවුම් හරහා සිදු කෙරෙන අලෙවි කිරීම් යනු අධීක්ෂණයකින් තොරව තනිවම අන්තර්ජාලයේ සැරිසරන ඔබේ දරුවා නිරාවරණය වන අන්තරායන් කිහිපයකට උදාහරණයි.

අලුත් තාක්ෂණය අපි ජීවත් වන වර්තමාන ලෝකයේ අපේ ජීවන රටාවේ වැදගත් කොටසක්. ඒ නිසා අපිට අපේ දරුවන් අන්තර්ජාලයෙන් හෝ තාක්ෂණික මෙවලම්වලින් සම්පූර්ණයෙන්ම ඉවත් කර තැබීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. අනෙක් අතට අන්තර්ජාලය ඔස්සේ ලබන අධ්‍යාපනය, අධ්‍යාපනික වීඩියෝ සහ වෙනත් අන්තර්ගතයන්, අන්තර්ජාලය ඔස්සේ කරන පාසල් ව්‍යාපෘති නිසා අන්තර්ජාලය කියන්නේ අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ වැදගත් කොටසක්.

නමුත් වැඩිහිටියෙන් විදියට ඔබ ගෙවන කාර්යබහුල ජීවිතය අතරතුර හැමවිටම ඔබේ දරුවාගේ අන්තර්ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමත් ප්‍රායෝගිකව අසීරු දෙයක්.

එසේ නම් ඔබ කාර්යබහුල ජීවිතයේ දහසක් වැඩ රාජකාරී නොපිරිහෙලා ඉටු කරන අතරම ඔබේ දරුවාට ආරක්ෂිතව අන්තර්ජාලයේ උපරිම ප්‍රතිලාභ ලබාගැනීමට හැකි විසඳුම කුමක්ද ?

image

හඳුන්වාදෙන HUTCH Junior Internet Guard!

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ටෙලිකොම් සේවා සපයන ආයතනයක් විසින් ඔබේ කුඩා දරුවා අන්තර්ජාලය තුළ ආරක්ෂිත කරන, ඔවුන්ගේ අන්තර්ජාල භාවිතය පසු නිරීක්ෂණයට සහ අවබෝධ කර ගැනීමට ඔබට උපකාර වන සාර්ථක ක්‍රමයක් හඳුන්වා දී ඇත.

HUTCH Junior Internet Guard සමඟින් දැන් අපෙන් ඔබේ දරුවා වෙනුවෙන් පාලනය කළ හැකි ආරක්ෂිත අන්තර්ජාල විසඳුමක්.

ඉහළම ආරක්ෂාවක්

අන්තර්ජාල ක්‍රියාකාරකම් පාලනය කරන සාමාන්‍ය පාලන යෙදවුමක් මෙන් නොව HUTCH JUNIOR INTERNET GUARD සේවාව සඳහා ඔබගේ දරුවාගේ පරිඝණකයේ හෝ අදාළ උපාංගයෙහි කිසිදු යෙදවුමක් ඉන්ස්ටෝල් කිරීමට අවශ්‍ය නොවේ.

Superior security

Unlike a regular parental control app the HUTCH Junior Internet Guard doesn’t require you to install any app on your child’s device.

දත්ත නියාමනය

දිනක් තුළ භාවිත කළ හැකි උපරිම දත්ත සීමාවක් පැනවීමට හැකි නිසා ඔබේ දරුවා අන්තර්ජාලයේ ගත කරන කාලය පහසුවෙන් පාලනය කළ හැකියි.

දින 30 ක් නොමිලේ අත්හදා බලන්න.

Enjoy the service for FREE during the first 30 days and thereafter it is offered at a Nominal rate of Rs 200 per month.

දැන්ම ලියාපදිංචි වෙන්න. HUTCH JUNIOR INTERNET GUARD සමඟ අන්තර්ජාලයෙන් උපරිම දැනුම ලබා ගන්නා අතර පාලනයක් ඇති, වගකීම් සහගත අන්තර්ජාල භාවිතයකට ඔබේ දරුවා හුරු කරවන්න.

HUTCH Junior Internet Guard උපදෙස් වීඩියෝ

නවතම Hutch ඇප් එක බාගත කරගෙන සේවාව සඳහා ලියාපදිංචි වන්න.

මවට/පියාට සහ දරුවාට වෙන වෙනම සම්බන්ධතා ලබා ගැනීම සඳහා ලියාපදිංචි වන්න.

image

දරුවා සඳහාම සම්බන්ධතාවයක් සඳහා ලියාපදිංචි වන්න.

image

දත්ත භාවිතය පාලනය කරන්න.

image

කාල සීමාවන් පාලනය කරන්න.

image

නිතර අසන ප්‍රශ්න

HUTCH JUNIOR INTERNET GUARD ජංගම දුරකථන අංකයකින් අන්තර්ජාලයේ සැරිසරන අතරතුර ඔබේ දරුවන්ට හානිකර සහ නුසුදුසු අන්තර්ගතයන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කරමින් ඔවුන්ගේ අන්තර්ජාල භාවිතය කළමනාකරණය කිරීමට ඔබට හැකියාව ලබා දෙන සේවාවකි. මෙම සේවාව මඟින් ඔබේ දරුවාගේ අන්තර්ජාල ප්‍රවේශය නියාමනය කිරීමටත්, අධික භාවිතය අවම කිරීමටත් ඔබට උපකාර වන අතර එමඟින් සෑම මසකම අන්තර්ජාලය සඳහා වන ඔබේ වියදම් පාලනය කිරීමට ද ඔබට හැකියාව ලැබේ.

You will benefit from the following :
  • මේ හරහා ඔබට ලැබෙන ප්‍රතිලාභ පහත පරිදි වේ
  • ආරක්ෂිත අන්තර්ජාල පිවිසුම: -ඔබේ දරුවා හානිකර හෝ නුසුදුසු අන්තර්ගතයන්ට ප්‍රවේශ වීම අවහිර කිරීමට ඔබට ඉඩ සලසයි.
  • දිනකට පරිභෝජනය කළ හැකි දත්ත GB ප්‍රමාණය මත දෛනික උපරිම සීමාවන් නියම කිරීමට හැකි වීම.
  • සතියේ කැමති දිනවල දිනකට අන්තර්ජාලයට ප්‍රවේශ විය හැකි වේලාවන් සීමා කිරීමට හැකි වීම.
  • HUTCH JUNIOR INTERNET GUARD යෙදුම හරහා සේවාව කළමනාකරණය කිරීමේ හැකියාව සහ ඉහත සේවාවන් සම්බන්ධ තොරතුරු ඉතා සරල ආකාරයකට බැලීමට හැකි වීම.

Hutch App - මේ සඳහා නිර්දේශිත ක්‍රමය වන්නේ Hutch App එක හරහා සේවාව ක්‍රියාත්මක කිරීමයි. ඔබේ දරුවාගේ ගිණුම පාලනය කිරීම සඳහා Hutch App එක අත්‍යවශ්‍ය වේ.

සේවාව සඳහා ලියාපදිංචි වීම Hutch App එකේ පැති මෙනුවේ ඇති ‘Junior Internet Guard’ මත ක්ලික් කර හෝ තිරයේ පහළ ඇති Shortcuts මෙනුවේ ඇති Junior Internet’ අයිකනය ක්ලික් කිරීම හරහා සිදු කළ හැකිය.

ක්‍රියාත්මක කිරීම සඳහා USSD – Dial *131# ඩයල් කරන්න.

මේ හරහා ඔබට කළ හැක්කේ අන්තර්ගතයන් පාලනය කිරීම පමණි. Hutch Junior Internet Guard විශේෂාංගයන් පාලනය කිරීම සඳහා ඔබට Hutch App එක භාවිතා කිරීමට අවශ්‍ය වේ.

ඔව්, ඔබේ දරුවාගේ අංකය Parent & Child අංකය ලෙස ලියාපදිංචි කිරීමෙන් ඔබට එම සම්බන්ධතාවය හරහා සේවාවට ලියාපදිංචි විය හැකියි. එහෙත්, මෙම ක්‍රමය හරහා දරුවාටත් මාපිය පාලනය වෙත ප්‍රවේශ වීමේ හැකියාව ඇති බැවින් මෙය වඩාත්ම ආරක්ෂිත සහ නිර්දේශිත ක්‍රමය නොවන බව කරුණාවෙන් සලකන්න. ඉහත තත්ත්වය මඟහරවා ගැනීම සඳහා මව/පියා සහ දරුවා වෙනුවෙන් වෙන වෙනම අංක දෙකක් යොදා ගැනීම අප නිර්දේශ කරන ක්‍රමයයි.

ඔව්, ‘Parent & Child‘ අංක ලෙස එම අංකය ලියාපදිංචි කිරීමෙන් ඔබට ඔබේ අංකයෙන් සේවාව ලබාගත හැකියි. කෙසේ වෙතත්, එහිදී ඔබ අන්තර්ජාලයට ප්‍රවේශ වන විටද ආරක්ෂිත අන්තර්ජාල සහ මාපිය පාලන නීති ක්‍රියාත්මක වනු ඇති බව කරුණාවෙන් සලකන්න. ඉහත තත්ත්වය මඟහරවා ගැනීම සඳහා අපි මව/පියාගේ අංකය සහ දරුවාගේ අංකය වෙනම භාවිතා කිරීම නිර්දේශ කරමු.

ඔව්. මව/පියාගේ අංකය සහ දරුවාගේ අංකය දෙකම Hutch අංක වීම අත්‍යවශ්‍යයි.

Yes, you can subscribe the service for multiple connections used by multiple children, or same child.
ඔව්, ඔබට දරුවන් කිහිප දෙනෙකු හෝ එකම දරුවා භාවිතා කරන සම්බන්ධතා කිහිපයක් සඳහා සේවාව ලබාගත හැකියි. සේවාවට ලියාපදිංචි වී ඇති එක් එක් සම්බන්ධතාවය සඳහා ගාස්තු වෙන වෙනම අය කෙරෙනු ඇත.

ඔව්. මෙම සේවාව පෙර සහ පසුගෙවුම් සේවා සම්බන්ධතා දෙවර්ගයම සඳහා ලබා ගත හැකියි.

ලියාපදිංචි වන අවස්ථාවෙහිදී, ඔබට ඔබේ අංකය මව/පියා සහ දරුවාගේ අංකය එකම අංකය ලෙස සේවාව සක්‍රීය කිරීමට හෝ ඔබේ අංකය මව/පියාගේ අංකය ලෙස සඳහන් කර දෙවන අංකය දරුවාගේ අංකය ලෙස සඳහන් කර සේවාව සක්‍රීය කළ හැකියි.

Hutch ඇප් එක හරහා මාපිය පාලනය ක්‍රියාත්මක කිරීමට සහ දරුවාගේ අන්තර්ජාලය භාවිත කිරීම සහ එම ප්‍රවණතා නිරීක්ෂණය කිරීමට හැකි වන්නේ ඔබ මව/පියාගේ අංකය (Parent Number) ලෙස සඳහන් කරන අංකයට පමණි.

දරුවාගේ අංකය (Child’s Number) යනු ආරක්ෂිත අන්තර්ජාල කොන්දේසි යොදනු ලබන අංකයයි. (Parent & Child ලෙස එකම අංකයක් ඇතුළත් කර ඇත්නම්, නීති රීති කළමනාකරණය කිරීම සහ යෙදීම යන දෙකම එකම අංකයක පවතී).

දෛනික සීමාවන් සැකසීමෙන් ඔබේ දරුවාගේ දත්ත භාවිතය පාලනය කිරීමට ඔබට හැකියාව ඇත. එලෙස සීමා පැනවිය හැකි ආකාරය පහත පරිදි වේ.

  • එක් දිනක් සඳහා භාවිතා කළ හැකි දත්ත ප්‍රමාණය සීමා කිරීම: ඔබේ දරුවාට එක් දිනක් තුළදී භාවිතා කළ හැකි දත්ත ප්‍රමාණය සීමා කිරීමට මේ හරහා හැකිය. උදාහරණයක් වශයෙන් ඔබ මෙම සීමාව 2 GB වශයෙන් සඳහන් කරන්නේ නම් ඔබේ දරුවා එම සීමාව ඉක්මවූ සැණින් අන්තර්ජාලයට පිවිසීම එම දිනයේ අවසානය එනම් රාත්‍රී 12 දක්වා අවහිර වේ.
  • එක් එක් යෙදවුමට අවශ්‍ය පරිදි දත්ත භාවිතයට සීමා පැනවීම: වැඩි වශයෙන් භාවිතා වන යෙදවුම් සඳහා අදාළ වන පරිද්දෙන් දත්ත සඳහා සීමා පැනවීමට මේ හරහා ඔබට හැකියාව ලැබේ. උදාහරණයක් වශයෙන් ඔබ YouTube සඳහා දිනකට දත්ත සීමාව1GB වශයෙන් පනවන්නේ නම් දරුවා එම සීමාව ඉක්මවූ විට YouTube භාවිතා කිරීම අවහිර වනු ඇත. මේ ආකාරයට Facebook, YouTube, Netflix, TikTok, WhatsApp සඳහා ඒ ඒ යෙදවුමට අදාළ වන පරිද්දෙන් දත්ත සීමා පැනවීමට ඔබට හැකියාව ලැබේ.

අවධානයට: ඔබ ඉහත ආකාර දෙකට සීමා පනවන්නේ නම් දෛනික දත්ත භාවිතයට පනවන සීමාව යෙදවුම් වශයෙන් පනවන සීමාවන් අභිබවා ක්‍රියාත්මක වනු ඇත.

ඔබට ඔබේ දරුවා දිනකට අන්තර්ජාලයේ ගත කරන කාලය සීමා කිරීමට හෝ දිනයේ එක් එක් කාල පරිච්ඡේදයන් තුළ අන්තර්ජාලය භාවිතා කරන කාලයට සීමා පැනවීමට හැකියාව ඇත.

  • දිනකට අන්තර්ජාලය හා සම්බන්ධ වී සිටිය ඇති පැය ගණන පාලනය කිරීම : සමස්තයක් වශයෙන් ඔබේ දරුවා දිනකට අන්තර්ජාලය භාවිතා කළ යුතු පැය ගණන තීරණය කර සීමාව පැනවීමට ඔබට හැකියාව ලැබේ. උදාහරණයක් වශයෙන් ඔබ එම සීමාව දිනකට පැය 2 ක් වශයෙන් සඳහන් කරන්නේ නම් ඔබේ දරුවා දවස පුරා ක්‍රියාකාරීව අන්තර්ජාලය භාවිතා කරන කාලය ගණනය කර පැය 2 ඉක්මවූ පසුව අන්තර්ජාලය අවහිර වනු ඇත.
  • දවසේ නිශ්චිත කාල සීමාවක් තුළ අන්තර්ජාලය භාවිතා කිරීම සීමා කිරීම: දවසේ එක් එක් වේලාවන් තුළ දරුවා අන්තර්ජාලය භාවිතා කරන ආකාරය සීමා කිරීමට ඔබට හැකි අතර එය දරුවාගේ කාල සටහනට අනුකූලව සතියේ ඒ ඒ දවසට අදාළ වන පරිද්දෙන් සිදු කළ හැකිය. උදාහරණයක් වශයෙන් ඔබට රාත්‍රියේ සිට උදෑසන දක්වා අන්තර්ජාලය අවහිර කළ හැකි අතර එය Facebook, YouTube, Netflix, TikTok, WhatsApp වැනි එක් එක් යෙදවුම් වලට අදාළ වන ආකාරයටද සිදු කළ හැකිය.

සේවාව ක්‍රියාත්මක කිරීමෙන් පසුව එමඟින් අදාළ දුරකතන අංකය හරහා දරුවන්ට හානිකර යැයි සැළකෙන වෙබ් අඩවි හා යෙදවුම් වලට පිවිසීම අවහිර වනු ඇත. අන්තර්ජාලය දරුවන්ට ආරක්ෂිත තැනක් කිරීමට ක්‍රියා කරන IWF සහ BPJM වැනි ජාත්‍යන්තර ආයතන විසින් හඳුනාගන්න මේ ආකාරයේ හානිකර වෙබ් අඩවි හා යෙදවුම් මෙම සේවාව විසින් අවහිර කරනු ලැබේ. එමෙන්ම මෙය නිරන්තරයෙන්ම යාවත්කාලීන කරනු ලැබේ.

පහත දැක්වෙන ආකාරයේ වෙබ් අඩවි සහ යෙදවුම් දරුවන්ට නුසුදුසු/ හානිකර වශයෙන් සැළකෙන ඒවා වේ.

  • වැඩිහිටියන්ට පමණක් වන සහ අසභ්‍ය වෙබ් අඩවි
  • ළමා ලිංගික අපයෝජනයට අදාළ වෙබ් අඩවි
  • වෛරස්, හානිකර මෘදුකාංග
  • පෞද්ගලික තොරතුරු සොරා ගන්නා ෆිෂින් (Phishing)
  • මත්ද්‍රව්‍ය, මධ්‍යසාර හෝ දුම්කොළ අලෙවි කරන හෝ ප්‍රචාරණය කරන වෙබ් අඩවි
  • වර්ගවාදය සහ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන වෙබ් අඩවි
  • සහකරුවන්/සහකාරියන් මුණ ගස්වන ඩේටින් වෙබ් අඩවි
  • සූදු ක්‍රීඩාවන් සම්බන්ධ වෙබ් අඩවි
  • අධ්‍යාපනික රචනා සොරකම් කිරීම ප්‍රවර්ධනය කරන වෙබ් අඩවි
  • වෙනත් නුසුදුසු අන්තර්ගතයන්

** අවධානයට: ආරක්ෂිත යෙදවුම් ලෙසින් සහතික කර ඇති YouTube, TikTok වැනි යෙදවුම් වල අන්තර්ගතයන් මෙම සේවාව හරහා අවහිර කිරීමට නොහැකිය.

ආරක්ෂිත අන්තර්ජාල පහසුකම පහත සඳහන් අවස්ථා වලදී ක්‍රියාත්මක නොවිය හැක;

a. සම්බන්ධතාව හරහා ‘ආරක්ෂිත’ යැයි සලකන යෙදුමකට ප්‍රවේශ වන්නේ නම්, ආරක්ෂිත අන්තර්ජාල විශේෂාංගයට යෙදුම තුළ අන්තර්ගතය නිරීක්ෂණය කිරීමට හැකියාවක් නැත.

i.e. උදාහරණයක් වශයෙන් දරුවා ආරක්ෂිත යෙදවුමක් ලෙස සැළකෙන YouTube වෙත පිවිසෙන්නේ නම් එහි ඇති අන්තර්ගතයන් සංකේතනය (encrypted) කර ඇති නිසා එම අන්තර්ගතයන් පාලනය කිරීම සේවාව හරහා කළ නොහැකි වේ. Facebook සහ TikTok වැනි මීට සමාන යෙදවුම් සම්බන්ධයෙන්ද මේ තත්ත්වය එසේ වේ.

b. VPN සම්බන්ධතාවයක් හරහා අන්තර්ජාලයට පිවිසුණ හොත් එය දරුවාගේ අන්තර්ජාල ක්‍රියාකාරීත්වය සැඟවීමට ක්‍රියා කරනු ඇත. මේ නිසා නිරන්තරයෙන් දරුවාගේ උපාංගයන් පරීක්ෂා කර VPN යෙදවුම් ස්ථාපනය කර නොමැති බවට තහවුරු කරගැනීම වැදගත් වේ. VPN භාවිතා කරන ග්‍රාහකයින් හඳුනාගැනීමට අප නිරන්තරයෙන්ම කටයුතු කරන නමුත් අන්තර්ජාලයේ ඇති VPN යෙදවුම් නිතිපතා අලුත් වන නිසා මේ සම්බන්ධයෙන් දෙමාපියන්ගේ සුපරීක්ෂාකාරී බව අපට වැදගත්ය.

අන්තර්ජාලය ඉතා සුවිසල් වපසරියක විසිරුණු ජාලයක් වන අතර ඊට දිනපතා දහස් ගණනින් නව වෙබ් අඩවි සහ යෙදවුම් එකතු වේ. මේ නිසා අපේ හවුල්කරුවන් විසින් හඳුනාගැනීමට ප්‍රමාද වූ හානිකර වෙබ් අඩවි හෝ යෙදවුම් ඉතා කලාතුරකින් තිබිය හැකිය. එවන් අවස්ථාවකදී මෙම හඳුනාගත් වෙබ් අඩවි ලැයිස්තුවලට ඔබට හමු වූ වෙබ් අඩවි එකතු කිරීමට කාරුණික වන්න.

ඔබට එය පහත සඳහන් ආකාරයට සිදු කල හැකියි.

Hutch app ➡ Junior Internet ➡ Advanced tab ➡ Report Website

එමෙන්ම උපාංගයේ කිසිදු තෙවන පාර්ශවයකට අයත් VPN යෙදවුමක් ස්ථාපනය කර නොමැති බවට තහවුරු කරගන්න. එවන් යෙදවුම්වලට අපේ සේවාවේ නීති රීතා මඟහැර යාමට හැකියාව ඇත.

මෙය ඔබේ දරුවාගේ දත්ත භාවිතය විශ්ලේෂණය කර ඔබට සමස්ත ඇගයීමක් ලබා දෙන වාර්තාවකි. ඒ අනුව ඔබේ දරුවා වැඩි වශයෙන් භාවිතා කරන්නේ කුමන වර්ගයේ අන්තර්ගතයන්ද යන්න පිළිබඳව අවබෝධයක් ඔබට ලබාගත හැකි අතර එය වගකීම් සහගතව අන්තර්ජාලය භාවිතා කිරීමට දරුවන්ට උපදෙස් දීමට සහ මඟ පෙන්වීමට සළසා ඇති පහසුකමක් පමණි.

එවන් වෙබ් අඩවි හා යෙදවුම් ක්‍රියාත්මක නොවනු ඇත. එමෙන්ම Advanced කොටසේ දක්වා ඇති Get Alert සේවාව ක්‍රියාත්මක කර තිබේ නම් එවන් වෙබ් අඩවියකට හෝ යෙදවුමක පිවිසීමට උත්සාහ කරන විට ඔබට කෙටි පණිවිඩ (SMS) හෝ ඊමේල් මාර්ගයෙන් දැනුවත් කිරීමක් ලැබෙනු ඇත.

ගෙවීම් සම්බන්ධයෙන් නිතර අසන ප්‍රශ්න

සේවාව අත්හදා බැලීම සඳහා සියළු පාරිභෝගිකයින් හට මසක කාලයක් සඳහා සේවාව නොමිලේ ලබා දෙනු ලැබේ.
ඉන් පසුව එක් දුරකතන අංකයක් සඳහා මසකට රුපියල් 200 ක නාමික ගාස්තුවක් (සියළු බදු ඇතුළත්ව) අය කරනු ලැබේ.

පළමු මාසයෙන් පසුව ඔබට එක් අංකයක් සඳහා රුපියල් 200 බැගින් අය කෙරෙනු ඇත.

මෙම ගාස්තු ඔබේ දරුවාගේ අංකයට එකතු කෙරෙන නිසා ප්‍රමාණවත් ගිණුම් ශේෂයක් එහි පවත්වා ගෙන යාම වැදගත් වේ.

උදා: ඔබේ දරුවාගේ අංකයේ ගිණුම් ශේෂය රුපියල් 100ක් පමණක් නම්, පද්ධතිය මඟින් රුපියල් 93.38ක් අඩු කර දින 14ක් සඳහා අන්තර්ජාල සේවාව අඛණ්ඩව පවත්වා ගෙන යනු ඇත.

ඔබට වත්මන් සේවා තත්ත්වය සහ මීළඟ ගෙවීම් දිනය Junior Internet Guard ඩෑෂ් බෝර්ඩ් එක වෙත පිවිසීමෙන් පරීක්ෂා කළ හැක.

ඔබට දිගටම සේවාව භුක්ති විඳීමට ඉඩ සලසමින්, අපි දින 5 ක් සඳහා ණය පදනම මත සේවාව අලු‍ත් කරන අතර ගිණුම රීචාර්ජ් කරන විට හෝ බිල්පත් ගෙවීමේදී ණය සහ ගාස්තු නැවත අයකර ගැනීම සිදු වේ.

ණය පදනම් මත දින 5 ක සේවා ගාස්තුව රුපියල් 33.35 ක් වේ.

දින 5ක ණය කාලසීමාව අවසන් වූ පසු අවම වශයෙන් දින 1ක් සඳහා ණය වටිනාකම සහ සේවා අලුත් කිරීමේ ගාස්තුව අයකර ගැනීමට හැකි වන තෙක් සේවාව අත්හිටුවනු ලැබේ.